Gossip

මවුත් වොෂ් එකකින් ගත හැකි ඔබ නොදන්නා පුදුම සහගත ප්‍රයෝජන 16ක් – Photos

මවුත් වොෂ් එකක් කිව්වම අපි දන්නේ මුඛයේ ඇති දුර්ගන්ධය නැති කරලා නැවුම් සුවඳක් ගෙන දෙන දෙයක් කියලා විතරයි. ඒත් ඔබ දන්නවාද මවුත් වොෂ් එකකින් අපි නොදන්නා තවත් වැඩ රාශියක් ගන්න පුලුවන්. මවුත් වොෂ් වල ඇති ප්‍රති-දිලීර ගුණාංග හා විශබීජ නාශක නිසා කුරුලෑ සහ හිසරදයට ප්‍රතිකාර කිරීමේ සිට ඔබේ කණ්නාඩි පිරිසිදු කිරීම සහ පාදවල ගන්ධය රහිතව තබා ගැනීම දක්වා එදිනෙදා දේවල් රාශියක් සඳහාම ප්‍රයෝජනවත්. අපි ඔයාලට අරගෙන එන්නේ අන්න ඒ වගේ මවුත් වොෂ් එකකින් ඔයාලට ගන්න පුළුවන් වෙනත් ප්‍රයෝජන 16ක් පිලිබඳවයි.

01. විවිධ දුර්ගන්ධයන් නැසීමට

‌ඔබේ මවුත් වොෂ් එකට මුඛයේ දුර්ගන්ධය නැසීමට වගේම ඕනෑම ආකාරයක දුගදක් නැසීමටත් පුළුවන්.

  • ලූණු, සුදු ලූණු හා මාළු කැපීමේදී අත්වල ඇතිවන දුගද නැති කිරීම සදහා මවුත් වොෂ් ස්වල්පයක් ඔබේ දෑතට දමා හොඳින් අතුල්ලා ගන්න.
  • සෙදීමට ඇති රෙදි කඩක් මත මවුත් වොෂ් ස්වල්පයක් දමා ස්නානයට පසු ඔබේ පාද සම්බාහනය කිරීමෙන් පාද වල දුර්ගන්ධය තුරන් කර ගත හැකියි.
  • ඔබේ ඩස්ට්බින් එකෙන් එන දුගද වලක්වා ගැනීම සදහා මවුත් වොෂ් වලින් පොඟවා ගත් සර්වියට් පේපර්ස් කිහිපයක් ඩස්ට්බින් එක තුළට දමන්න.
02. ඔබේ නියපොතු සහ පාදවල දිලීර සුව කිරීමට උපකාරී වීම

‌මවුත් වොෂ් හා විනාකිරි සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කොට සාදාගත් මිශ්‍රණයක කපු පුළුන් බෝල පොඟවා ගන්න. ඉන්පසු දවසකට දෙවරක් හෝ තුන් වරක් එය දෙපා වල හා නියපොතු වල ආලේප කරන්න. මෙය එක දිගට සති කිහිපයක් සිදුකිරීමෙන් ඔබට වෙනස අත්විඳිය හැකිය.

03. හිස්සොරි වලින් මිදීමට

මවුත් වොෂ් වල අඩංගු ප්‍රති-දිලීර කාරක ගුණය නිසා හිස්සොරි වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක්ද මේවාට තිබෙනවා. ස්නානයට පෙර වතුර හා මවුත් වොෂ් සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කොට තබාගන්න. ඔබ ඔබේ සාමාන්‍ය ෂැම්පු වලින් හිස සේදීමෙන් පසු මෙම මිශ්‍රණය හිස් කබලට ආලේප කරන්න. විනාඩි කිහිපයක් තැබීමෙන් පසු සෝදා හරින්න.

04. මදුරුවන් දෂ්ඨ කළ ස්ථාන වලට සහනයක්

මදුරුවන් දෂ්ඨ කරාට පස්සේ එම ස්ථානය ගොඩක් කැසීමට හා දැවිල්ල ගැනීමට පටන් ගන්න එක මදුරුවෝ කන එකට වඩා අමාරුයි. මේ සදහා පුළුන් කැබැල්ලකට මවුත් වොෂ් ස්වල්පයක් ගෙන එම ස්ථානයේ ආලේප කරන්න. සැණෙකින් එම ස්ථානය කැසීම සහ ඉදිමීම නැවතී යයි.

05. ෆේෂල් ටෝනර් එකක් ලෙස භාවිතා කළ හැකියි

ඔබේ ෆේෂල් ටෝනර් ඉවර වුන වෙලාවක ඔයාට පුළුවන් මවුත් වොෂ් එක මේ සඳහා ආදේශකයක් විදියට භාවිතා කරන්න. මෙමගින් කුණු දූවිලි හා වැඩිපුර මේකප් ඉවත් කරනවාට අමතරව කුරුළෑ වලට එරෙහිවත් සටන් කරනවා. පුළුන් කැබැල්ලකට මවුත් වොෂ් ගෙන ඔබේ මුහුණේ ආලේප කරන්න. නමුත් මතක තබා ගන්න. ඔබේ සම රසායනිකයන්ට සංවේදී සමක් නම් මෙය කිරීමෙන් වළකින්න.

06. ආසාදනයන් වළක්වාලයි

ඔබ කරාඹුවක් සදහා සම සිදුරු කරන්නේ නම් හෝ ටැටූ එකක් ගසන්නේ නම් මවුත් වොෂ් වලට පුළුවන් ඔබව විශබීජ ආසාදන වලින් වළක්වා ගන්න. සෑම දිනකම එම ස්ථාන වල මවුත් වොෂ් ආලේප කරන්න.

07. සීරීම් වලට ප්‍රතිකර්මයක් ලෙස

ඔබේ සීරීම් ඇති වූ විටක ඒ සදහා ප්‍රතිකර්මයක් ලෙස ද මවුත් වොෂ් භාවිතා කළ හැකියි. මේ සදහා පුළුන් කැබැල්ලකට මවුත් වොෂ් ස්වල්පයක් ගෙන අදාල ස්ථානයේ ආලේප කරන්න.

08. ඩියොඩ්‍රන්ට් එකක් ලෙස භාවිතා කළ හැකිය

‌අත් යට දුගද ඇතිවීම කියන්නේ අපිව ඉතාම අපහසුතාවයකට පත්කරන දෙයක්. මේ සදහා හොඳ ප්‍රතිකර්මයක් ලෙස මවුත් වොෂ් භාවිතා කරන්න පුළුවන්. පුළුන් කැබැල්ලක් ගෙන හොඳින් මවුත් වොෂ් වල පොඟවා ගෙන අත් යට ආලේප කරන්න.

09. උකුණන් වඳ කිරීමට

උකුණන් වඳ කිරීම සදහා ඉතා සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස මවුත් වොෂ් භාවිතා කළ හැකියි. මුළු කොණ්ඩයම හොඳින් මවුත් වොෂ් වල පොඟවා ගන්න. ඉන් පසු ෂවර් කැප් එකක් දමා විනාඩි 15ක් 20ක් සිට ඉන් පසු සෝදා හරින්න.

10. ඔබේ දෙපා සැහැල්ලු කිරීමට

ඔබේ වෙහෙසකර දෙපා වලට සහනයක් ගෙන දීම සදහා මවුත් වොෂ් මිශ්‍ර උණු වතුර භාජනයක ඔබේ දෙපා විනාඩි 15ක් පමණ දමාගෙන සිටින්න. එමගින් ඔබේ දෙපා වලට ඉතා සැහැල්ලුවක් ගෙනදෙනවා.

11. බෝතල් පිරිසිදු කිරීමට

බෝතල් වල ඇතුළ පිරිසිදු කරගැනීම හා සමහර බෝතල් වලින් එන දුගද නැති කරගැනීම ඉතාම අමාරු දෙයක්. මේ සදහා ඉතාම හොඳ විසඳුමක් විදියට මවුත් වොෂ් භාවිතා කරන්න පුළුවන්. ජලය 3කට මවුත් වොෂ් 1ක් මිශ්‍ර කොට බෝතලයට දමා රැයක් තිබෙන්නට හැර පසුව සෝදා හරින්න.

12. ඔබේ දත් බුරුසුව පිරිසිඳු කරගන්න

‌මවුත් වොෂ් වල ඇති විශබීජ නාශක ගුණය නිසා එය ඔබේ දත් බුරුසුව පිරිසිඳු කරගැනීමටත් ඉතා යෝග්‍ය යි. ඔබේ දත් බුරුසුවේ කෙඳි සහිත කෙළවර මවුත් වොෂ් වල විනාඩි කිහිපයක් පෙඟෙන්නට හැර පසුව උණු වතුරෙන් සෝදා හරින්න. රැයක් පුරාවට මවුත් වොෂ් වල පෙඟෙන්නට හැරීමෙන් වඩාත් හොඳ ප්‍රථිපලයක් බලාපොරොත්තු වන්නට පුළුවන්.

13. ඔබේ වීදුරු හෝ කණ්ණාඩි පිරිසිඳු කරගැනීමට

ඔබේ වීදුරු හෝ කණ්ණාඩි පිරිසිඳු කර ගැනීම සදහා මවුත් වොෂ් ස්වල්පයක් වීදුරුවේ ආලේප කොට අනතුරුව මෘදු රෙදි කැබැල්ලකින් පිස දමන්න.

14. ඔබේ නාන කාමරය පිරිසිඳු කරගන්න

ඔබේ නාන කාමරයේ අපිරිසිදු වී ඇති ටයිල් පිරිසිඳු කර ගැනීම සඳහා වතුර කෝප්ප එකකට මවුත් වොෂ් කෝප්ප භාගයක් මිශ්‍ර කොට හොදින් අතුල්ල ගන්න. වැසිකිලිය පිරිසිදු කරගැනීම සදහා මවුත් වොෂ් ස්වල්පයක් වැසිකිලි පෝච්චියට දමා පැයක් පමණ තිබෙන්නට හැර පසුව බ්‍රශ් එකකින් අතුල්ලා සෝදා හරින්න.

15. මදුරු උවදුරෙන් මිදීමට

කෘමීන් මෙන්තෝල් සුවඳට හරිම අකැමැතියි. එබැවින් මවුත් වොෂ් වලින් ඔබට පුළුවන් මදුරුවන්, මැස්සන්, කුහුඹුවන් හා අනෙකුත් සියළුම ආකාරයේ කෘමීන් පළවා හරින්න. එකකට එකක් මවුත් වොෂ් හා ජලය දමා ස්ප්‍රේ බෝතලයකින් වැඩිපුරම ඔවුන් ගැවසෙන ස්ථාන වලට ස්ප්‍රේ කරන්න.

16. කපන ලද මල් නැවුම්ව තබා ගැනීමට

ඔබේ නැවුම් කපන ලද මල් වතුරට දමන්න. සෑම ලීටර් 1/2ක් සඳහාම මවුත් වොෂ් 3 ක් වත් කරන්න. මෙමගින් මල් දිගු කල් පවතින අතර වඩා හොඳ පෙනුමක් ලබා දෙනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!