Gossip

“මම කැමතියි අලුගෝසු තනතුරට – මට වැටුපක්වත් එපා” – අලුගෝසු තනතුරට ආරච්චිකට්ටුවේ කාන්තාවක් ඉදිරියට

මේ දිනවල ගොඩක් කතාබහට ලක්වන දෙයක් තමයි මරණ දඬුවම ගැන. ඒ වගේම මරණ දඬුවම පැනවීම සඳහා අලුගෝසු තනතුරටත් කෙනෙක් සොයමින් ඉන්නවා.

මේ අතර මත්කුඩු ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කරනවානම් වැටුපක්‌ නැතිවම අලුගෝසු තනතුර ලබාගන්නට තමන් සූදානම් බවට හලාවත ආරච්චිකට්‌ටුවේ පදිංචි එල්. බී. කරුණාවතී (71) නම් කාන්තාවක් ප්‍රකාශ කරලා තියෙනවා.

කෝටි ගණක්‌ වටිනා මත්කුඩු හා වෙනත් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා රටේ අනාගත පරපුර විනාශ කරන මෙවැනි ජාවාරම්කරුවන් තරාතිරම නොබලා විනාශකර දැමිය යුතු බවයි ඇය පවසන්නේ.

ඒ වගේම ළමා අපයෝජනවලට සම්බන්ධ වූ වැරදිකරුවන්ටත් මරණ දණ්‌ඩනය ලබාදිය යුතු බව රජයෙන් ඉල්ලා සිටිනවා.

ධර්ම ද්වීපයක්‌ව තිබූ මේ රට මරණදීපයක්‌ වීමට කිසිසේත් ඉඩ තියන්න බෑ කියලාත් ඇය කියලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!