Gossip

Star city ​පුහුණුවීම් අතරතුර හෘදයාබාදයක් වැළඳුනු චරිත් අබේසිංහ සැත්කමෙන් පසු කිව්ව කතාව

දෙරණ ස්‌ටාර් සිටි වේදිකාවේදී පසුගියදා ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන චරිත් අබේසිංහ අසනීප වුණා. ඇත්තටම චරිත්ට මොකද වුණේ. අපි එයාගෙන්ම අහලා බලමු.

එක පාරටම මොකද වුණේ?
පොඩ්ඩක්‌ අසනීප වුණා. දැන් නම් ඇත්තටම හොඳයි.

හැමෝම කලබල වුණා?
ඔව්.. ආරංචිය ගිහිං තිබුණ විදිහට ටිකක්‌ කලබල වෙන්න ඇති. ඇත්තටම ලොකු දෙයක්‌ නෙමෙයි. අපිට හරි දේ හරි විදිහට කරගන්න බැරිවුණොත් ඒ වෙච්ච දේ ලොකු දෙයක්‌ වෙන්න තිබුණා.

චරිත්ට හෘදයාබාධයක්‌ කියලයි හැමෝම කිව්වේ?
ඔව්… මේක මේ ෂුගර් නිසාවත් කොලෙස්‌ටර්රෝල් නිසාවත් වෙන දෙයක්‌ නිසාවත් ඇති වුණ රෝගී තත්ත්වයක්‌ නෙමෙයි. සමහර අයගේ හදවතේ වෑල් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. ඉතිං ඒ වගේ වෑල් එකක පුංචි එහා මෙහා වීමක්‌ නිසා ඇති වුණ රෝගී තත්ත්වයක්‌.

චරිත් මේ ගැන කලින් දැනගෙන හිටියද?
නැහැ.. අපිත් මේ ගැන කලින් දැනගෙන හිටියේ නැහැ. කවදාවත් එහෙම මට දැනිලා තිබුණෙත් නැහැ.

එදා මොකද වුණේ?
එක පාරටම නිකං ක්‌ලාන්තයක්‌ වගේ ආවා. ඊට පස්‌සේ ඉතිං අපි රෝහල්ගත වුණාට පස්‌සේ බ්ලඩ් චෙක්‌ කරලා තමයි ඒගොල්ලෝ කිව්වේ මේ හාට්‌ ඇටෑක්‌ එකක්‌ තමයි ඇවිත් තියෙන්නේ කියලා. ඊට පස්‌සේ ටෙස්‌ට්‌ වලින් තමයි හඳුනා ගත්තේ වෑල් එකක ගැටලුවක්‌ කියලා. ඊට පස්‌සේ ඉතිං ඒකට වෑල් එකක්‌ දාලා මාව එව්වා. ඉස්‌සර නම් ඒක හුඟක්‌ ලොකු දෙයක්‌. නමුත් දැන් නම් ඉතිං විනාඩි 15 ක විතර කාර්යයක්‌. පොඩ්ඩක්‌ සතියක්‌ දෙකක්‌ විතර ඉතිං රෙස්‌ට්‌ කරන්න ඕනෑ.

අසනීප වුණ වෙලාවේ ඔබට තේරුණාද මේ හදවත් රෝගී තත්ත්වයක්‌ කියලා?
නැහැනේ. මම හිතුවේ ගැස්‌ට්‍රයිටිස්‌ කියලා. මොකද මම සාමාන්‍යයෙන් අනිත් අයට වඩා මේ දේවල් චෙක්‌ කරන කෙනෙක්‌. මීට මාසෙකට කලිනුත් මම චෙක්‌ කළා. ඊ. සී. ජී., බ්ලඩ් ප්‍රෙෂර් හැමදේම. හැබැයි කිසිම ප්‍රශ්නයක්‌ දැනගන්න තිබුණේ නෑ. ඇත්තටම මේ සිදුවීම අවාසනාවන්ත සිදුවීමක්‌ වෙන්න තිබුණා හරි දේ හරි විදිහට නොවුණා නම්.

චරිත් රියෑලිටි වැඩසටහනක්‌ අතරතුර අසනීප වුණා කියලයි ආරංචි වුණේ?
දෙරණ ස්‌ටාර් සිටි එකේ රියසල් කර කර ඉන්නකොට තමයි මේක සිද්ධ වුණේ. 30 දා. අසනීප වෙච්ච වෙලාවේම රෝහල්ගත වුණේa නැහැ. එදා රෑ තමයි රෝහලට ගියේ. පළමුවැනිදා ඔපරේෂන් එක කළා. දෙවැනිදා රෝහලේම ඉන්න වුණා. තුන් වැනිදා ගෙදර ආවා.

අසනීප තත්ත්වය නිසා රියෑලිටි ෂෝ එකෙන් දුරස්‌ වෙයිද?
නැවත රියෑලිටි ෂෝ එකේ වැඩ තියෙන්නේ දහඅට වැනිදා. වෛද්‍ය උපදෙස්‌ මත තීරණයක්‌ ගන්නවා. මේ සෙනසුරාදා ෂෝ එකේ නම් අනිවාර්යයෙන් අපි ඉන්නවා. ඒ වගේම මම අධ්‍යක්‌ෂණය කරන මිනි ගං දෑල ටෙලි නාට්‍යයේ රූගත කිරීම් දින කිහිපයකට කල් දැම්මා. 20 දා තමයි ඒ කටයුතු පටන් ගන්නේ. මං හිතන්නේ පිටගම්කාරයෝ නාට්‍යයෙන් පස්‌සේ කෙරෙන දැවැන්ත නිර්මාණයක්‌ මේක. පුළුවන් විදිහට වැඩ කටයුතු ටික කරගෙන යන්නයි හිතං ඉන්නේ.

ඉදිරි නිර්මාණ මොනවද?
star1මේ අවුරුද්ද පුරාම මේ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු තියෙනවා කරන්න. මේකේ දෙවැනි කොටසත් කරන්න තියෙනවා. ඒ වගේම අගෝස්‌තු මාසයේදී චිත්‍රපටයක්‌ කරන්න සූදානමක්‌ තියෙනවා. ඒක පොඩි ළමයින්ගේ වැඩක්‌. ඊට අමතරව මම වෙන අයගේ නිර්මාණවලට කොහොමත් සම්බන්ධ වෙනවා අඩුයි. මම මගේ වැඩ තමයි ගොඩක්‌ වෙලාවට කරන්නේ. ඔහොම තමයි මේ අවුරුද්දේ කටයුතු ටික කෙරෙන්නේ. රගපෑමෙන් දායක වුණ චිත්‍රපට කිහිපයක්‌ එන්න තියෙනවා.

අසනීප වෙන වෙලාවේ බිරිඳත් ළඟ හිටියනේ… කොහොමද ඇය එයට මුහුණ දුන්නේ?
ඇත්තටම එයාටත් වැඩි දෙයක්‌ හිතාගන්න බැරි වුණා. මොකද එයත් හිතුවේ ගැස්‌ට්‍රයිටිස්‌ වැඩි වෙලා කියලා. එයා ඒක හරියන්න බොන්න දෙයක්‌ දුන්නා. එකට ඒ වෙලාවේ ටිකක්‌ අඩුවුණා. ආයෙත් හවස තමයි බෙහෙත් ගන්න හිතුවේ. ඒත් ගියේ වේදනා නාශකයක්‌ ගන්න හිතාගෙන ඊළඟ දවසේ ඉදිරිපත් කිරීම හොඳට කරන්න ඕනෑ නිසා.

ඇත්ත තත්ත්වය දැනගෙන හිටියා නම් ඇගේ හැසිරීම හුඟක්‌ වෙනස්‌ වේවි?
ඔව්. එහෙනං එයත් බයවෙලා කෑ ගහලා. අනික මමත් වෙනස්‌ වෙන්න තිබුණා. ලෙඩේ හරියට දන්නේ නැති නිසා මම වාහනේ ඩ්‍රයිව් කළා කොච්චර දේවල් කළාද ඊට පස්‌සේ.

දැන් ගායනය අත්ඇරලද?
ගායනය කියන එක මගේ ජීවිතෙන් බැහැර වෙච්ච දෙයක්‌. ඉස්‌සර තරම් මට දැන් ගායනය බැහැ. මොකද ඕනෑම දෙයක අපි එක දිගටම නියෑළිsලා හිටියේ නැත්නම් දස්‌කම් පාන්න අමාරුයි. ඒක වුණේ මම චිත්‍රපට පිළිබඳ හදාරන්න එංගලන්තයට ගියාට පස්‌සේ එතැනදී හැදෑරුවේ නිෂ්පාදනය, අධ්‍යක්‌ෂණය, රංගනය වගේ දේවල් නිසා ඒකට මගේ හිත ගියා. ගායනයෙන් පසු බැස්‌සා. 2007 වගේ තමයි ජුලියා චිත්‍රපටයේ සරත් සෙද් ගීතය ගායනා කළේ. එතකොටත් ගායනය ඇෙග් තිබුණා. දැන් ඉතිං සෑහෙන කාලෙකින් හරියට ගීතයක්‌ ගායනා කළා කියන්න බෑ.

ඉස්‌සරහට ගීතයක්‌ එළිදක්‌වන්න අදහසක්‌ නැද්ද?
පුදුමයි ඔබ ඒ ප්‍රශ්නේ අහපු එකත්. පහුවෙවි ඉඳලා මේ අවුරුද්දේ ගීතයක්‌ කරනවා කියලම තමයි හිතාගෙන ඉන්නේ. දැනට ලියන්න කෙනෙකුට භාරදීලා තියෙනවා ගීතයක්‌. එයාගෙන් වචන ටික ලැබුණ ගමන් ඒක කරනවා. ගායකයෙක්‌ විදිහට කටයුතු කරන්නම නෙමෙයි. ඒ ආසාව ආයෙත් හිතට ආව නිසා.

චරිත් පොලු තියෙනවා, වැඩ කරපු අයට සල්ලි දෙන්න තියෙනවා කියලා චෝදනාවක්‌ තියෙනවා නේද?
මම නිර්මාණයකට දායක කරගෙන සල්ලි ගෙවන්න ඉන්න කවුරුහරි මගේ ඉස්‌සරහට ගෙනාවොත් මම සිනමාවෙන් අයින් වෙනවා. සම්පූර්ණයෙන්ම ඔය කතාව බොරුවක්‌.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!