Gossip

ප්‍රමිලාගේ ඇඟ ඇතුලට ගිහින්, මැරුණු සිරියලතා දාපු සෙල්ලම

ඉරිසියාව ද්වේෂය සමඟ අත්වැල් බැඳගත් අකුසල චෛතසිකයකි.
අනුන්ගේ සැප සම්පත් දැක සතුටු වීම මුදිතා නම් වූ බ්‍රහ්ම විහාරීය කුසලයකි.
ඉරිසියාව මුදිතාවට හාත් පසින්ම විරුද්ධ වූ අකුසල මානසිකත්වයකි. ඉරිසියාකාරයන්ගේ “පපුව හොඳ නැතැයි” ජනවහරේ පවතින්නේ ඔවුන්ගේ හෘදය වස්තුව තුළ පවතින අඩ පතක් තරම් වූ රුධිරය නිතරම දුර්වර්ණ වී තිබෙන නිසාය.
මට නැති සැප සම්පත් අනුන්ට ද නොවේවා යි ඉරිසියාකාරයෝ සිතති. ඒ නිසා ඉරිසියාකාරයෝ මරණින් මතු සැප සම්පත් අහිමිව දුගතිගාමීව උපත ලබති.
ප්‍රමිලා ගම්පහ ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරියකි. තිස් නව හැවිරිදි ඇය දරු සම්පත් අහිමිව දුක් විඳී.
ඇගේ සැමියා සමන්ත ගුරුවරයෙකි. විවාහ වී දැනට පස් වසරකි. දරුවන් නැති ප්‍රශ්නයට වෛද්‍ය ප්‍රතිකාර ගත් නමුත් ඔවුන්ගේ කිසිදු උත්සාහයක් සාර්ථක නොවිණි.
එහෙත් මේ දෙදෙනාම දරුවන් ලැබීමට සුදුස්සන් බවත් ඊට කිසිම නුසුදුසුකමක් නැති බවත් වෛද්‍ය පරීක්ෂණවලින් ද සානථ විණි.
එහෙත් ඔවුන්ට දරුවන් නැත. ප්‍රමිලාට ගැබ් ගැනීමක් ද නැත. ඊට අමතරව ප්‍රමිලා රාත්‍රී හීනෙන් බියට පත්ව කෑ ගසා ගෙන අවදි වන්නට ද වූවාය.
ඊට විවිධ ශාන්ති කර්ම සිදු කළත් එයින් ද පලක් නොවිණි.
ඔහුගේ හිතවතෙක් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ සමන්ත දැනුවත් කළේය. ඒ අනුව සමන්ත ප්‍රමිලා සමඟ එහි ගොස් අධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී ඇතිව තිබෙන ඔහුට කීවේය. ගවේෂකවරයා ඔවුන් දෙදෙනා පරීක්ෂා කරන විට ප්‍රමිලා පැද්දෙන්ටත් ගැහෙන්නටත් වූවාය.
මොවුන්ට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව වටහා ගත් ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුනට උපදෙස් දුන්නේය.
ලැබුණු උපදෙස්වලට අනුව තෙරුවන් ගුණ පිළිබඳ විශ්වාසයෙන් මැනවින් බෝධි පූජා පැවැත්වූ ඔවුහූ නියමිත දිනයේ යළිත් ප්‍රතිකාර පිණිස ගවේෂකවරයා හමුවට පැමිණියහ.
එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ප්‍රමිලා දිෂ්ටි ගැන්වී භූතාත්මයක් ඇය තුළින් මතු වී ආවාය. ගවේෂකවරයා ඒ භූතාත්මය සමඟ කතා කරන්නට විය.
“කවුද මේ?”
“මම සිරියලතා” ප්‍රේතිය උත්තර දුන්නාය.
“කවුද සිරියලතා කියන්නේ?”
“ප්‍රමිලගේ නැන්දා. තාත්තගෙ නංගී”
“කොහේද පදිංචිව සිටියේ?”
“මුන්ගෙ ගෙදරමයි”
“ඇයි මේ අයට කරදර කරන්නේ?”
“ඉරිසියාවට….. ඉරිසියාවට”
ප්‍රමිලා ප්‍රකෘති සිහියට පත් කළ ගවේෂකවරයා සිරියාවතී පිළිබඳ ඇගෙන් විමසුවේය.
“සිරියලතා, කියන්නේ අපේ තාත්තාගේ බාල නංගී, එයා බැඳලා නැහැ. එයාට කසාදයක් හරි ගියේම නෑ. එයා ජීවත් වුණේ අපේ ගෙදර. කෑම බීම ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම දුන්නේ අපි. කොච්චර කළත් මෙයා හරි දුෂ්ටයි, ඊර්ෂ්‍යයි, නිතරම අපිව
පාලනය කරන්න හැදුවා. සහෝදරියෝ හතර දෙනෙක් මට හිටියා. අපි හැමදෙනාටම මෙයා වෙනස්කම් කළා. අන්තිමේ එයා අසනීප වෙලා මැරුණා.”
සියල්ල අසා දැනගත් ගවේෂකවරයා තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැන්දාට පින් අනුමෝදන් කොට නැවත එන්නැයි ඔවුනට උපදෙස් දුන්නේය.
සතියකට පසු ඔවූහු නැවත පැමිණියහ. එදින ද ප්‍රමිලා දිෂ්ටි ගන්වා භූතාත්මය සමඟ ගවේෂකවරයා කතා කළේය.
“පින් අනුමෝදන් වුණාද?”
“මොන පින්ද?”
ප්‍රේතිය ගවේෂකවරයාගෙන් ඇසුවාය.
“මේ අය බෝධි පූජාවලට ගිහින් ඔබව සිහිපත් කොට අනුමෝදන් කළ පින්”
“මම ගියේ නෑ බෝධි පූජාවලට. මට පින්වලින් වැඩක් නෑ..”
“ඇයි එහෙම කියන්නේ?”
“මම මේකී එක්ක තරහයි?”
“ඒ මොකද?”
“මහත්තයා. මම අවිවාහකවයි හිටියේ. මේකී කසාද බැඳලා මිනිහත් එක්ක සන්තෝසයෙන් විනෝදෙන් ජිවත් වුණා. මම මුන් දෙන්නා කාමරයේ දොර වහගෙන කතා කරපුවා අහගෙන හිටියා. ඒ හැම දේකින්ම මට මේකී එක්ක තරහක් ඉරිසියාවක්මයි ඇති වුණේ.”
“ඔබ දැන් සිරියලතා නෙවෙයි. අනුන්ට ඉරිසියා කළ පාපයෙන් ප්‍රේතිය වෙලා ඔය ඉන්නේ. ඔබට මොනවාද වුවමනා?”
“මම ඕනෑ මේකි මම වගේ ඉන්නවා දකින්න. නැත්නම් මම පළි ගන්නවා.”
“ඔබ පළිගන්න මොනවද කළේ”
“මේකිගේ අක්කලා හතර දෙනාටම විවාහ වෙන්න දුන්නේ නෑ. ඒවා වැළැක්වුවා. හතර දෙනාම මහ ගෙදර තවමත් නාකි වෙනවා. ඒත් මේකිගෙ මඟුල කඩන්න මට බැරි වුණා. ඒ නිසා මේකිට දරුවෙක් ලැබෙන්න ඉඩ දෙන්නේ නෑ. ”
ප්‍රේතිය කෝපයෙන් කියාගෙන ගියාය.
“ඉතින් පින් ගත්තෙත් නැත්නම් මොනවද ඉල්ලන්නේ?”
“මට මොකවත් වුවමනා නෑ. මම ජීවත්ව හිටියදී මම හිටපු විදියටම උඹලත් හිටපල්ලා කියන එකයි මගේ වුවමනාව.”
“ඈ පෙරේතියේ, සංසාරයේ කරපු පාප කර්ම නිසයි තෝ දුක් වින්දේ. ඒකට මේ ළමයි පස් දෙනා පළිද? උඹේ දුෂ්ට ගතිගුණ නිසා දැන් මළ පෙරේතියක් වෙලා ඉඳලා අනිත් අයටත් දුක් දෙනවා නේද?” එසේ කී ගවේෂකවරයා ප්‍රේතිය වෙත ශක්ති කිරණ එල්ල කොට දවාලන්නට විය.
“අනේ… එපා…. එපා…. පුච්චන්න එපා…. දැවිල්ලයි දැවිල්ලයි..”
ප්‍රේතිය එටස් කියද්දීත් අඬද්දීත් ශක්තිකිරණ එල්ල කරමින් ගවේෂකවරයා ප්‍රේතිය දවාලීය.
කොයිතරම් පිච්චුවත් ප්‍රමිලාගේ ශරීරයෙන් ඉවත්ව යන්නට ඇය අකමැති වූවාය. හොඳින් කියන දේට අවනත නොවන බව දත් ගවේෂකවරයා දින හතරක්ම ඔවුන් ගෙන්වා පේ‍්‍රතිය දවා ලන්නට වූයේය. ඒ වනවිට ප්‍රමිලාගේ හීනෙන් බයවීම් වැනි අතුරු ආබාධ සුවපත් වී තිබුණාය.
පස්වැනි දිනයට ගෙන්වා භූතාත්මය ප්‍රමිලාට දිෂ්ටි ගන්වා දවාලන්නට සූදානම් වන විටම පේ‍්‍රතිය අඬන්නට වූවාය.
“ඇයි අඬන්නේ..? පවුලකටම දුක් දීලා දැන් මොකද අඬන්නේ? කරපු අසාධාරණයට අවුරුදු දහස් ගණනක් ඔය පේ‍්‍රතාත්මයේම දුක් විඳින්න වේවි.”
ගවේෂකවරයා ප්‍රේතිය අමතා කියන්නට විය.
“අනේ මහත්මයා පුච්චන්න නම් එපා. මම දැන් හොඳටෝම දුර්වලයි. මම මීට පස්සේ මේ අයට කරදර කරන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා. මාව පුච්චන්න එපා. මම මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න කැමතියි. මාව හොඳ තැනකට යවන්න” ප්‍රේතිය ගවේෂකවරයා ඉදිරියේ වඳිමින් බැගෑපත් වූවාය.
ගමේ පන්සලට හීල් දානයක් පිරිනමා මැයට පින් අනුමෝදන් කර නැවත එන්නැයි ද එදිනට සුදුමල් වට්ටියක් ද රැගෙන අනුරාධපුරයට යෑමට සූදානම් වී එන්නැයි ද ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.
ඒ අනුව පැමිණි දිනයේ පේ‍්‍රතිය මල් වට්ටයකට සම්බන්ධ කළ ගවේෂකවරයා ඔවුන් සමඟ ප්‍රේතිය අනුරාධපුරයට යැවීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top