Gossip

අවසිහියෙන් හිටපු පද්මිණි කිව්වා මගේ දුවගේ ජිවිතේ විනාශ කෙරෙව්වේ එයා කියලා

කෙනෙක්ව විශ්වාස කරනවා කියන එක අද කරන්න අමාරු දෙයක් නෙවෙයි කරන්නම බැරි දෙයක් වෙලා.
මොකද විශ්වාසය රකින අය වගේම ඇත්ත කියන මිනිස්සු අද අඩුයි.
ඒ විදිහට බොරු කියලා පවුල් ජීවිතයත් දියණියගේ ජීවිතයත් විනාශ වුණු හැටි ගැන සඳහන් සංවේදී හෙළිදරව්වකි මේ.

“අපිට යමක් කමක් තිබුණා. ඒ නිසා දරුදෙන්නට දුකක් නොදී හදාගන්න පුළුවන් වුණා.
මගේ දුව එයාගේ අම්මා වගේම ලස්සනයි. දුව අම්මා කිව්වේ මගේ නංගිට.”

නංගි විවාහ වෙලා නැද්ද?
“නැහැ. එයා හැමදාම කිව්වේ එයාට විවාහ වෙන්න බැහැ කියලා. මගේ පවුලේ නංගියි මමයි විතරයි.
අම්මයි තාත්තායි දෙන්නා මට නිතර කියන්න ගත්තා ආයෙමත් විවාහ වෙන්න කියලා. මට නම් විවාහ වෙන්න අදහසක් තිබුණේම නැහැ.
නමුත් අම්මාගේ පෙරැත්තයට ආයෙත් මං විවාහ වුණා. එයාගේ නම පද්මිණි. එයා අපි ගැන හැම දෙයක්ම දැනගෙන හිටියා. පද්මිණියි මමයි එක ගෙදරක පදිංචි වුණාට මම දූවයි පුතාවයි අරගෙන ආවේ නැහැ. නංගි ඒ දෙන්නාව මට දෙන්න කැමැති වුණෙත් නැහැ.”

පද්මිණි මොනවගේ කෙනෙක්ද?
“එයාත් ලස්සනයි. ඒත් මගේ කලින් බිරිඳ තරම් කාරුණික නැහැ.
මේ නිසා අපි අතර ප්‍රශ්න ඇති වුණා. මේ ප්‍රශ්න මැද්දේ තමයි මම ජීවත් වුණේ. දරුවෝ දෙන්නෙක්ම හිටපු නිසා මම ආයෙත් දරුවෝ හදන්න ඕන වුණෙත් නැහැ.
මගේ දරුවෝ දෙන්නා ටික ටික ලොකු වුණා. ඒත් ඒ දෙන්නට මගේ ගෙදර ඇව්ිල්ලා එයාලාට ඕන විදිහට ඉන්න ඉඩක් තිබුණේ නැහැ.”

ඒ මොකද?
“පද්මිණි කැමැති වුණේ නැහැ දරුවෝ ගෙදර එනවාට එයාට ඕන වුණේ එයාගේ අක්කාගේ දූවව ගෙදර නතර කරගන්න.
කොහොමහරි පද්මිණි එයාට ඕන දේ කරගත්තා. පද්ම්ණිගේ අක්කාගේ දුවයි මගේ දූවයි එකම වයසේ. මගේ පුතා හොඳට ඉගෙන ගත්තා. එයා වැඩිදුර ඉගෙන ගන්න රට ගියා.
ඒත් පුතා මගෙත් එක්ක හිත හොඳින් නෙමෙයි හිටියේ කියලා මං දන්නවා.
මගේ අම්මා තාත්තා එයාලගෙම දරුවෙක් වගේ තමයි මගේ දරුවෝ දෙන්නව බලාගත්තේ. ඒ නිසා වෙන්න ඇති පුතයි දුවයි මගේ අම්මටයි තාත්තාටයි මට වඩා ආදරේ කරන්න ඇත්තේ. පුතා රට ගියාට පස්සේ දූවයි නංගියි අම්මයි තාත්තයි විතරයි ගෙදර හිටියේ. මම නිතරම හැන්දෑවට මහගෙදරට ගියා.
පද්මිණි කියන්නේ යමක් කමක් තිබුණු පවුලක කෙනෙක් නෙමෙයි. ඒ නිසා වෙන්න ඇති එයා දේපල වලට ගොඩක් ආශා කරන්න ඇත්තේ. වත්තේ පොල් ටිකත් එකතු කරලා එයාගෙ නැදෑයන්ගේ ගෙවල් වලට යැව්වා මිසක් අපේ ගෙවල් වලට දුන්නේ නැහැ. අපේ අම්මලා ඒවා ගැන ඇහුවෙත් නැහැ. මං හරිම අමාරුවෙන් තමයි ඔළුව බේරගෙන හිටියේ.”

දුවට මොකද වුණේ?
“දුව හොඳට ඉගෙන ගත්තා. ඒත් දවසක පන්ති ගිය දුව රෑ වෙනතුරුම ගෙදර ආවේ නැහැ.
මං දුව හොයන්න හැම තැනම ගියා අන්තිමට පොලිසිත් ගියා. එතකොට දුව හිටියේ උසස්පෙළ පන්තියේ. පොලිසියත් රෑ තිස්සේ දුවව හෙව්වා.
එත් පහුව දා උදේ පාන්දර දුව ගේට්ටුව ළඟ බිම වැටිලා හිටියා. අපි මේ බව පොලිසියට කිව්වා. දුවව අපි ඉස්පිරිතාලේ ගෙනිච්චා. එයාට අතවර කරලා තිබුණා බව වෛද්‍යවරු කිව්වා. අපේ ගෙදර අය වැළපුනා. මේ සිද්ධියෙන් කාලයක් යනතුරුම දුව මානසිකව වැටිලා හිටියේ.
දුවගේ හිත හදන්න අපි නොකරපු දෙයක් නැහැ. එයා ඉගෙනිම අතහැරියා. මාස ගාණක් ගෙවිලා ගියා. වුණේ මොකක්ද කියලා හොයා ගන්න බැරි වුණා. ගෙදර හැමෝගෙම ජීවිතේ මේ වැඩෙන් පස්සේ වෙනස් වුණා. ඒ වෙනකොට පුතා හිටියේ එංගලන්තයේ. එයා නංගිගේ සිද්ධිය එක්ක ලංකාවට ආවා.
සිද්ධවෙච්ච හැමදේම අපි පුතාට කිව්වා. මාස කිහිපයකට පස්සේ තමයි පුතා ආයෙත් ඒ රටට ගියේ. ඊටත් අවුරුද්දකට පස්සේ පුතා දුවව ඒ රටට ගෙන්න ගත්තා. දුව පුතා කොහේ කොතැනක හරි සතුටින් ඉන්නවානේ කියලා අපි හිත හදාගත්තා. ඒ වෙනකොට මගේ පුතා ඒ රටේ සුද්දියක් විවාහ කරගෙන හිටියේ. හැමදේම හොඳ විදිහට සිද්ධ වුණා. නමුත් දුවට අපරාධය කරපු කෙනාව හොයා ගන්න තුරු මගේ හිතට නිවනක් තිබුණේ නැහැ.”

පද්මිණි මොකද කිව්වේ?
“එයාත් කම්පා වෙලා හිටියේ. පද්මිණිට ඕන වුණා. ගේ දොර එයාගේ නමට ලියා ගන්න. එයා හැම වෙලාවෙම කිව්වෙ දරුවෙකුත් නැති නිසා මට මොනව හරි වුණොත් එයාට යන එන මං නැති වෙනවා කියලා. කවදා හරි පද්මිණි මේ දේපොළ ගන්න බලාගෙන ඉන්න බව දැනුන නිසාම මම ගේ ඉඩම හැමෝටම හොරෙන් දුවගෙයි පුතාගෙයි නමට ලිව්වා. ඒ නිසා පද්මිණි දේපල ඉල්ලන හැම මොහොතකම මං ඒ කතා වලින් මඟ ඇරියා.”

පද්මිණිගේ අක්කාගේ දුවට මොකද වුණේ?
“ඒ දුව කොල්ලෙක් යාළු කරගෙන ඒ කොල්ලා එක්ක හොරෙන්ම විවාහ වුණා.”
පද්මිණියි ඔයයි අතර මොනවගේ සම්බන්ධයක් ද තිබුණේ?

“විවාහ වුණ අලුත අපි හොඳින් හිටියා. ඒත් පද්මිණිගේ නපුරු ගතිගුණ මට ඇල්ලුවේ නැහැ.
අපි ටික ටික ඈත් වුණා. ඒත් පද්මිණි ඒ වෙන් වීමත් සතුටින් බාරගත්තා කියලා මට හිතෙනවා. මොකද පද්මිණි විවාහ වෙලා තිබුණේ අපට සල්ලි තියෙන නිසා.
කොහොම හරි එයාට ඒ කාලේ ඉඳලම සම්බන්ධයක් තිබිලා. මගේ දුවගේ සිද්ධියත් එක්ක එක තවත් දිග දුර ගිහිල්ලා.
ඒ දවස්වල මං වැඩිපුරම හිටියේ මහගෙදර. මගේ යාලුවෙක් මට නිතර දෙවේලේ කිව්වා පද්මිණි ගැන කල්පනාවෙන් ඉන්න කියලා.
ඒත් මම ඊට වඩා දුව ගැන කල්පනාවක හිටියේ නමුත් මේ හැමදේම වෙලා කාලෙකට පස්සේ මං පද්මිණිගේ ලොකු වෙනසක් දැක්කා.”

ඒ කියන්නේ?
“එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා මට දැනුණා. මං දවසක් ඒක් ඇත්තද කියලා ඇහැව්වා එයා මුකුත්ම කිව්වේ නෑ. එයා මඟ ඇරියා.
මං හොඳටම දන්නවා එයාට මගෙන් දරුවෙක් ලැබෙන්නේ නැති බව. ඒ කාලේ වෙන කොට අපි අතර ලොකු පරතරයක් තිබුණා.”

ඔයා මොකද කළේ?
“මං බලෙන්ම දොස්තර කෙනෙක් ගාවට එයාව අරගෙන ගියා. එයාව පරීක්ෂා කරලා බලලා දොස්තර කිව්වා එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නබව.
මට සතුටක් දැනුනේ නැහැ. මං ගෙදර ආව වෙලේ ඉඳන් ඇහුවේ කවුද දරුවගේ තාත්තා කියලා.”

“එයා මුකුත්ම කිව්වේ නැහැ. මට සැකයක් තිබුණා මගේ දුවගේ සිද්ධියට මෙයා සම්බන්ධ ද කියලා. හැමදේම මතක් වෙනකොට මගේ කේන්තිය හොඳටම වැඩි වුණා.
මං පද්මිණිට ගැහුවා. මං හැසිරුණේ තිරිසනෙක් වගේ. අන්තිමට අවසිහියෙන් හිටපු පද්මිණි කිව්වා මගේ දුවගේ ජිවිතේ විනාශ කෙරෙව්වේ එයා කියලා. එයාට ලැබෙන්න ඉන්න දරුවා අනුන්ගේ කිව්වා. පද්මිණි මට වැද වැද සමාව ඉල්ලුවා. ඒත් ඒ ගෑනිට සමාව දෙන්න මට හිතක් තිබුණේ නැහැ. මං ඒකිව මැරුවා.”

ගෑනියෙක් මැරුවා කියලා දුකක් නැද්ද?
“නැහැ. කිසිම දුකක් නැහැ. ඒ ගෑනි මගේ දුවගේ ජීවිතේ විනාශ කළා. දරුවන්ගෙන් මාව ඇත් කෙරෙව්වා. මට දුකක් නැහැ. වරද කරපු කෙනෙක්ට දඬුවමක් දුන්නා කියන හැඟීම විතරයි මට තියෙන්නේ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular