Gossip

ග්‍රාම නිලධාරී පත්වීම ඉවතලා සරසවියට ගිය චේතනී දහස් ගණනකගේ හදවත් කම්පා කරමින් අවසන් ගමන් ගිය හැටි – Photos

අතට ලැබුණු ග්‍රාම නිලධාරී පත්වීම ඉවතලා විශ්ව විද්‍යාලයට ගිය නිර්මලා චේතනී දහස් ගණනකගේ හදවත් නතරකරමින් ඇස් කඳුලින් පුරවමින්ත් හඬවා ඊයේ අවසන් ගමන් ගියා.
ඩෙංගු රෝගයට ගොදුරු වෙලා අකාලයේ අවසන් ගමන් නොගියේනම් රටට සම්පතක් ඉතිරිවන්නට තිබිණි.
2013 වසරේ උසස් පෙල හැදැරූ නිර්මලා නාඋල ශ්‍රී නාග ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය ලබාගත්තේය.
උසස් පෙල විෂය ධාරාවෙන් මාතලේ දිස්ත්‍රික්කයෙන් දෙවැනි තැන හිමිකරගත් චේතනී අයදුම්කල ග්‍රාම නිලධාරී විභාගයෙන් සමත්වී සිය ප්‍රදේශයේම පත්විම ලැබෙද්දී මේක තවකෙනෙකුට දෙන්න මට කැම්පස් යන්න ආසයි යනුවෙන් පවසා ඇය විශ්ව විද්‍යාලයට ඇතුල්විය.
නිහතමානීකම හා සරල ගතිය ජීවිතයේ පුරවාගත් ඇය කාගේත් ආදරය දිනාගත් කෙනෙක්.
තම ආදරණීය පියා රිය අනතුරකින් 2009 වසරේදී මියගිය අතර අම්මා සහ අයියා සමග ජීවිත තරගයට මුහුණදුන් නිර්මලා ඒ කිසිවෙකුත් නොසිතූ ලෙස ජීවිත ගමනින් සමුගත්තේ හදවත් කම්පා කරමින්.
ඩෙංගු මාරයාට නිර්මලා බිලිවූවා සේම තවත් තරුණ ජීවිත අකාලයේ ඩෙංගු වසංගතයෙන් නැතිවී යමින් පවතී.
තවත් ජීවිතයක් හෙට බිළිගන්නට පෙර මෙයට විසඳුමක් ලබාදෙන්නට බලධාරීන් කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!