Health & Beauty

හොදට තිබෙන නියපෙළ නාස්ති කරගන්න එපා. ලස්සන නියපෙළක් සදහා ඔබත් මේ දෙවල් අනුගමනය කරන්න.

හැම කෙනෙකුම විවිධ හැඩයේ නියපතුවලට හිමිකම් කියනවා. නියපොත්තේ හැඩය ගැන නිය ආලේපන භාවිතා කිරීමේ දී විශේෂ අවධානයක් යොමුකල යුතුවෙනවා.
දිගු නියපොතු තිබෙන අයෙකුට ඕනෑම වර්ණයක් සුදුසුයි.
තද පැහැ ආලේපන වලින් නියපොතු සිහින් කර පෙන්වනවා. පළලෙන් යුතු දිගින් අඩුනිය පෙළක් හිමි අයෙක්නම් ඔබ අනිවාර්යෙන් ලා පැහැ වර්ණ භාවිතා කරන්න මතක තබාගන්න.
නිය ආලේපන භාවිතය විලාසිතාවක්. එත් නිය ආලේප කැපී පෙනෙන්න ඔබේ නියපොතු පිරිසිදුව තබා ගැනීම අනිවාර්ය වේ.
ඔබට පුළුවන් රෑපලාවන්‍යගාරයකින් ඔබේ නියපොතු පිරිසිදු කරගන්න.
මෙනිකියු සහ පෙඩිකියු එකක් කරගැනීම මගින් නිය අලංකාර කරගන්නවා වගේම ඇගිලිවල නීරෝගී භාවය රැකගැනීමේ හැකියාව ඔබ‌ට තිබෙනවා.
ඔබට රෑපලාවන්‍යාගාරයකට යාමට නොහැකිනම් නිවසේදීම ඔබට නිය පිරිසිදු කරගන්න පුළුවන්. නිවසේදී නිය ආලේපන භාවිතා කිරීමට පෙර අත්දෙක බාහාලිය හැකි භාජනයකට මද
රස්නය ඇති වතුර සමග විෂබීජනාශක ෂැම්පු ටිකක් දමා අත් දෙක මැණික් කටුව තෙක් වතුර භාජනයට දමා විනාඩි 5ක් පමණ තිබෙන්නට හරින්න.
ඉන්පසුව ඉවතලන දත් බුරැසුවකින් නියපොතු හොදින් මැද පිරිසිදු කර පිළවෙලට නියලොතු කපාගන්න.
නියපොතු කපා අවසන් කල පසු නේල් ෆයිල් එකක් භාවිතයෙන් නියපොතු සුමට කරගන්න.
මෙම සත්කාරය පාදවල නියපොතු සදහාද භාවිතා කල හැක. නිය පිරිසුදු කරගැනීම සදහා දෙහි ලෙලි භාවිතා කරගැනිමේ හැකියාව ඔබට තිබෙනවා.
නිය ආලේපන විලාසිතාවක ගොඩක් කාන්තාවන් අනුගමනය කරත් නිය ආලේපකරනවා මිසක නිය පෙළ ආරක්ෂාකරගන්න පෙළඹෙන්නේ නැහැ. බොහෝ වෙලාවට නොදැනුවත්කම මෙයට ප්‍රධාන හේතුවයි. ඔබ නිය ආලේප භාවිතා කරන අයෙකුනම් හොදින් මතක තබාගන්න දින තුනක් ඇතුලත එය ඉවත් කරන්න. එ‌සේ ඉවත් කර පැය 24ක් තබා බේස්කෝඩ් ආලේපය ගල්වා නිය ආලේප ගල්වා නැවත ටොප් කෝට් ආලේපය භාවිතා කිරීම මගින් ඔබට නියපෙළ ආරක්ෂාකර ගත හැක.
නැතිනම් දර්ඝකාලීනව නිය වර්ණ තබාගැනිම මගින් සහ නිය ආලේප අයින් ‌නොකර එය උඩින් නැවත වර්ණ ගැල්විම මගින් නියපොතු දුර්වණ වී දිරාපත්වෙනවා.
විලාසිතා කියන දේ කලින් කලට වෙනස් වෙනවා . නිය ආලේපන භාවිතා කරන විදියත් එ ආකාරයෙන් ම වෙනස් වෙනවා. මීට කලකට ඉහතදී නම් ලා වර්ණයන් අතේ ඇගිලි සදහාද තද වර්ණයන් පාදයේ ඇගිලි වලට භාවතා කළා. නමුත් දැන් පාදවලට හා අත් වලට එකම වර්ණය භාවිතා කරනවා.
මේ දිනවල ජනප්‍රිය වර්ණ වන්නේ රතු,කොළ,නිල් සහ කළු වර්ණයි. මේ වනකොට විවිධ වර්ගයේ කෘතීම නියපොතු වෙළදපලේ මිලදි ගැනීමට පුළුවන්.
ඔබ කොට නියපොතු තිබෙන අයෙකුනම් මෙම නියපොතු පැළදීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ වගේම විවිධ මෝස්තරයන් සහිත ස්ටිකර් වර්ග,ස්ටොන්ස් වර්ග වගේම ඩස්ට් වර්ග නිය අලංකරණය සදහා වෙළදපලෙන් ඔබට මිළදී ගැනීමේ හැකියාව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!