Gossip

අයියා බේරගන්න ලක්ෂ 50 ක් කප්පම් ඉල්ලූ මධූෂ්ගේ කැප්ටන් මල්ලී

රත්නපුර පැල්මඩුල්ල කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගෙන්, රක්ෂිත බන්ධනා ගාර ගතව සිටින මාකඳුරේ මධුෂ් නිදහස් කර ගැනීමට යැයි පවසා රුපියල් ලක්ෂ පනහක් කප්පම් ඉල්ලූ හිටපු හමුදා කපිතාන්වරයකු ඉකුත් 16 වැනිදා ගම්පොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුගිය 14 වැනිදා මෙම ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් ලබා දී මෙම කප්පම් මුදල ඉල්ලා ඇති අතර මේ පිළිබඳව ව්‍යාපාරිකයා විසින් කහවත්ත පොලිසියට පැමිණිලි කර ඇත.
කහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලූගල මහතාගේ උපදේ මත කප්පම් මුදලින් පනස්දාහක මුදලක් ලබා දෙන බව පවසා සැකකරු ලබා දුන් පෞද්ගලික බැංකු ගිණුමකට මුදල් තැන්පත් කර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම මුදල් ලබා ගැනීමට සැකකරු ගම්පොළ බැංකු ශාඛාවට පැමිණි අවස්ථාවේදීය.
සැකකරු දෙවැනි ලූතිනන්වරයකු ලෙස හමුදා සේවයට සම්බන්ධ කපිතාන්වරයකු දක්වා උසස් වීම් ලබා සිටි පුද්ගලයකු බවත් 2003 වසරේදී තම සහෝදරයාට පහර දීමක් සිදුකිරීම සම්බන්ධයෙන් පහර දුන් පුද්ගලයා ඝාතනය කිරීමේ මිනී මැරුම් චෝදනාවට හා ජීව අත්බෝම්බ හා පතුරම් සන්තකයේ තබා ගැනීමේ වරදට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයකු බවත් අනාවරණය වී ඇත.
2005 වසරේදී ඇප මත මුදාහැර සිටි සැකකරු ලක්ෂ 15ක මුදල් වංචා කිරීමක් සම්බන්ධව ද යළි අත්අඩංගුවට පත්ව ඇති අතර කැස්බෑව අධිකරණයෙන් නඩු පවරා ඇත.
2013 වසර්දී රුපියල් ලක්ෂ 275ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් සැකකරුට එරෙහිව නඩු පවරා තිබේ.
දඹුල්ල ප‍්‍රදේශයේ ද ස්වර්ණභරණ අලෙවි සලකින් කොල්ල කෑම සිදුකර ඇති බවත් ටී 56 ගිනි අවියක් සහිතව අත්අඩංගුවට පත්ව ඇති බවත් අනාවරණය වී තිබේ.
සැකකරු බන්ධනාගාර ගතව සිටියදී මාකඳුරේ මධුෂ් හා වෙලේ සුදා සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට ද කරුණු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.
සැකකරු අනුරාධපුර” මහනුවර” ගම්පොල ගල්කිස්ස යන ප‍්‍ර දේශවල ජීවත්වී ඇති අතර ගල්කිස්ස පන්සල පාර පදිංචි ව්‍යාපාරික කාන්තාවක සමග විවාහ වී සිටි බව ද අනාවරණය වී තිබේ.
මොහුට එරෙහිව දිවයිනේ විවිධ ප‍්‍රදේශවල මංකොල්ලකෑම් හා මුදල් වංචා කිරීම් සම්බන්ධව මහ අධිකරණ හා මහෙස්ත‍්‍රාත් අධිකරණ මගින් නඩු විභාග රැසක් සිදුකරන බවත් 2003 වසරේ මිනී මැරුම් නඩුව හැරුණු කොට ඉතිරි සියලූ නඩු සඳහා වරෙන්තු වී ඇති බවත් පොලිසිය පවසයි.
මෙම නඩුවලට පෙනී සිටීම සඳහා නීතිඥවරයකු ලක්ෂ 21ක් ඉල්ලා සිටින බවත් එම මුදල් සොයා ගැනීම සඳහා මේ කප්පම් මුදල් ලබා ගැනීමට තමා තැත් කළ බවත් විමර්ශනවලදී සැකකරු කියා තිබේ.
සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනා ගාර ගත කිරීමට පැල්මඩුල්ල මහෙස්ත‍්‍රාත් ජේ.එන්.ඵ් රසාංජලා පෙරේරා මහත්මිය නියෝග කළාය.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!