අද නිකුත් වූ 2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ස්ථානය දිනාගන්නට සිසු දරුවන් දෙදෙනෙක් සමත් වී තිබෙනවා.
ඒ අනුව පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්මුල විතානගේ සහ වේයන්ගොඩ ශාන්ත මේරි විද්‍යාලයේ කේ. සනුප දිමත් පෙරේරා පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
ඔවුන් දෙදෙනා ලකුණු 199ක් ලබා ගනිමිනුයි මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ.
දෙවන ස්ථාන දෙකක්ද මෙවර බිහි වී තිබෙනවා. ලකණු 198 බැගින් ලබාගෙන දෙවන ස්ථානයට හිමිකම් කියන්නේ මිනුවන්ගොඩ රෙජි රණතුංග විද්‍යාලයේ සේනුජි හෙට්ටිආරච්චි සහ යාපනයේ හින්දු ප්‍රථමික විද්‍යාලයේ එම්. තිගොලොලිබවන්.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 168ක් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙතනින්.