Gossip

3 වන ලෝක යුද්ධය ඇරඹෙයිද..? – ඇමරිකාව ගත්තු තීරණය මෙන්න – Photos

රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට අමෙරිකාව සැලසුම් කර ඇති බව ජගත් සංවිධානයේ අමෙරිකානු තානාපතිනි නික්කි ‍හේලි මහතා පවසනවා..

සිරියාවේ රසායනික අවි වැඩසටහනට සම්බන්ධ රුසියානු සමාගම් වෙත මෙම සම්බාධක පැනවෙන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා..

80 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා සිරියාවේ ඩූමා ප්‍රදේශයට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට විරෝධය පළ කරමින් මෙලෙස සම්බාධක පැනවීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් අදාළ රසායනික අවි ප්‍රහාරය සඳහා තාක්ෂණය හෝ උපකරණ සිරියාවට සැපයූ බවට වන චෝදනා රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ඊයේ රුසියානු නැව් දෙකක්ද සිරියාවට ළඟාවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුද ටැංකි, රේඩාර් උපකරණ, වේග ප්‍රහාරක යාත්‍රා, තාවකාලික පාලම් සහ ගිලන් රථ එම නැවේ තිබූ බවයි වාර්තා වන්නේ.
සිරියානු අර්බුධය තවත් දුරදිග ගියහොත් තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය ඇතිවිය හැකි බවයි ලෝක දේශපාලන විශේෂඥයන් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!