Gossip

17 හැවිරිදි සිසුවිය දූෂණය කර මදා දැමූ තම පුතා එල්ලා මැරීමට කැමැත්ත ප්‍රකාශ කළ මව සසුන් ගත වෙයි – Photos

ගිරිබාව සාලිය අශෝකපුර යාය දෙක ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් සිසුවිය දූෂණය කර මරා දැමූ තම පුතා එල්ලා මරා දැමීමට කැමැත්ත ප්‍රකාශ කළ මව සසුන් ගතවී තිබෙනවා.
ඇය විසින් තම පුතා එල්ලා මැරීමට කැමැත්ත ප්‍රකාශ කරමින් පොලිසියට ලියුමක් යවා තිබුණා.
ආර්.කේ කුසුමාවතී නම් ඇය පසුගිය 11 වැනිදා හිරියාල, පළුගොල්ල, කුණ්ඩගල ආරණ්‍ය සේනාසනයේදී සසුන්ගතවී තිබෙනවා.
ඒ රාජාංගණයේ ධම්මදින්නා ලෙස මෙහෙණි වහන්සේ නමින්.
සසුන්ගතවූ ඇයට අවස්ථාවක් ලබා දුන්නහොත් තම පුතා අතින් මිය ගිය දියණියගේ නිවසට වැඩම කර එම දියණියට පින් අනුමෝදන් කිරීමේ ධර්ම දේශනාවක් කිරීමට බලාපොරොත්තුවක් ඇති බව ඇය පවසා තිබෙනවා.
ඉදිරි ජීවිත කාලය භාවනායෝගීව වැඩ වාසය කරමින් සංසාරයෙන් එතෙරවීමට අධීෂ්ඨාන කරගෙන සිටින බවත් ගිහි ජීවිතය අතහැර දැමීමට තීරණය කළේ මධුෂාණි දියණියගේ මරණය බවත් ධම්මදින්නා මෙහෙණින් වහන්සේ පවසනවා.
තම පුතා වන සාහසික මිනීමරුවා එල්ලා මැරීමට මාගේ කිසිම අකමැත්තක් නොමැති බව සඳහන් කරමින් ලිපියක් ලියා එය පොලිසිය වෙත එවා තිබුනේ ඝාතනයට ලක් වූ දියණියගේ අවමංගල්‍ය උත්සවයේදී එම ලිපිය කියවන ලෙස ඉල්ලීමක්ද කරමින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!