Gossip

“දවසක් මාව ගම්පහ හෝටලයකට එක්කගෙන ගියා, එතන කෙල්ලෝ හත් අට දෙනෙක් හිටියා, පොලිසියේ මල්ලි කෙනෙක් මාව තෝරගත්තා”

සමහර කාන්තාවන් වැරදි පාරේ යන්න ලොකු හේතුවක් තියෙනවා.
ඒත් කිසිම වෙලාවක වැරැද්දක් කරලා ඒක සාධාරණීකරණය කරනවානම් ඒක වැරදියි.
අපි මේ කියන්න යන්නේ ඒ විදිහට හොඳ ජීවිතයක් ගත කරන්න හීන දැක්ක වත්තල පැත්තේ කාන්තාවක් වැරදි පාරේ ගියහැටි ගැනයි.
මේ පිරිමින් සමඟ යහන්ගතවී තම දරුවන් උස්මහත්කරන කාන්තාවක් සිදුකළ සංවේදී හෙළිදරව්වක්.
“මහත්තයෝ මමත් හොදට ජීවත් වෙන්න කියලා හිතාගෙන කසාඳයක් බැන්දා. 
මට හොදට සල්ලි තිබ්බා. මම වටෙන් වටෙන් අරගෙන මගෙ සල්ලිත් දාලා මම පොලියට දුන්නා. 
ඒ අතරතුර මම බැන්ද මහත්තයගෙන් කරදර. එතකොට තමයි දන්නේ ඒ මනුස්සයා කුඩු ගහන්න පුරුදු වෙලා කියලා. මගේ ඇඳුම් පවා විකුණලා කුඩු ගහන්න පටන් ගත්තා.
එතකොටත් මට දරුවා ලැබිලයි හිටියේ. බැරිම තැන මනුස්සයව පැන්නුවා. කොහොමද ඒ වගේ මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්නේ.
මම කැමති නෑ ඒවට.
පස්සේ ගේ හිතවත් කෙනෙක් මස් කඩයක් ටෙන්ඩර් දාලා ගන්නවා කියලා මම එයාට සල්ලි දුන්නා. පොලී සල්ලි ගෙවන්නම් කියලා.
ඒත් ටික දවසක් ගියාම කිව්වා සල්ලි දෙන්න වෙන්නේ නෑ කියලා. ලක්ෂ අටක් දෙන්න තිබ්බා.
මම පොලිසි ගියා. එයාව ගෙන්නුවා. ඒ මනුස්සයා කිියලා ලක්ෂ 3 යි දෙන්න වෙන්නේ වෙන මට සල්ලි දෙන්න විදිහක් නැහැ මම හිරේ යන්න කැමතියි කියලා.
මට පොලිසියෙන් කිව්වා ඒ තුනවත් අරගන්න. මේ මිනිහා හිරේ යන්නත් කැමතියි. එහෙම වුණොත් කීයක්වත් ගන්න වෙන්නේ නෑ කියලා.
මම ඒක අරන් පැත්තකට වුණා.
පස්සේ මට රස්සාවකුත් නැහැ. දරුවට උගන්වන්න විදිහකුත් නෑ.
දවසක් අපේ නැන්දා කෙනෙකුට මේ දුක කිව්වම එයා කිව්වා මම සල්ලි හොයන විදිහක් හොයලා දෙන්නම් කියලා. ඒ වෙද්දිත් මම දන්නවා එයා සල්ලි වලට මිනිස්සු එක්ක යනවා කියලා.
දවසක් මාව ගම්පහ පැත්තේ හෝටලයකට එක්කගෙන ගියා.
එතන කෙල්ලෝ හත් අට දෙනෙක් හිටියා.
එතනට ආවා එදා අපි ඉද්දි කෙනෙක්. ඒ කෙනා මාව දැකලා කිව්වා මට මෙයා ඕනේ කියලා.
එදා තමයි මගේ ජීවිතේ වෙනස් වුණේ.. මම ඒ ආපු මිනිහා එක්ක නිදාගන්න ගියා.
එදා ඒ කෙනා මට කිව්වා ඔයා මෙතනින් අයින් වෙන්න ඔයාගේ නම්බර් එක හැමෝටම දෙන්න. එතකොට කස්ටමස්ලා ඔයාට කතාකරයි. මෙතන හිටියම ඔයාට හම්බවෙන්නේ රුපියල් 1000 ක් වගේනේ කියලා.
ඒ මල්ලි පොලිසියේ කෙනෙක්. එයා කිව්ව විදිහට මම තනියම මේ වැඩේ පටන් ගත්තා.
මම නීතීඥවරියක් ගාව වැඩ කරනවා. හැමදාම වැඩ නැහැ. ෆයිල් අරන් යන්න වගේ ඒවා තමයි. 
ඒ වැඩේ කරලා ජීවත් වෙන්න බැහැනේ. ඉතිං මාසෙකට තුන් හතර දෙනෙක් එක්ක මම නිදාගන්නවා. 
දැන් මම මේකට හුරුවෙලා. අවුරුදු තුනක විතර ඉදන් මම මේ විදිහටයි ජීවත් වෙන්නේ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!