Gossip

ඔබත් අවසන් ගමන් යන්න සූදානම්ද..? මරණයට ළඟාවන බවට ඉඟි කරන මේ ලක්ෂ 8 ඔබටත් තියෙනවද බලන්න

මෙලොව උපදින සෑම සත්වයෙකුටම මරණය පොදු වූ ධර්මතාවයකි. සමහරවිට එය අනපේක්ෂිත ලෙසකට හදිසි අනතුරකින් සිදු විය හැකි අතර තවත් විටෙක රෝග වලට ගොඳුරු වී මිනිසුන් මියයති.
එය කුමන මොහොතක අප කරාඅ ළඟාවේදැයි යන්න ගැනද නිශ්චිතව කිසිවෙකුටත් ප්‍රකාශකිරීම අපහසුයි.
නමුත් මරණය ළඟාවන බවට අනතුරු අඟවන ඇතැම් ඉඟි හෝ ලක්ෂණ අප වෙත සැළකරන අවස්ථා ඇත.
වැඩිදෙනෙකු මෙවැනි ඉඟි නොතකා හරින්නේ ඒ පිලිබඳව ඇති නොදැනුවත්කම නිසාවෙනි.
අද අප ඔබට ඉදිරිපත් කරන්නේ මරණය ළඟා විමට ආසන්න බව පැවසෙන බව කියාපාන ලක්ෂණ 8ක් ගැනයි.

1. නිතර අත් පා වල අස්ථි කැඩියාම – සාමාන්‍යයෙන් වයස්ගත වීමත් සමඟම අස්ථි දුර්වල වි කැඩී යාම ස්වභාවික තත්වයකි. නමුත් අවුරුදු 40 වැනි වයසකදිම එවැන්නක් දිගින් දිගටම සිදුවේ නම් එය ඔබේ සෞඛ්‍ය බෙහෙවින් දුර්වල බව කියැවෙන ඉඟියකි.

2. අස්ථි හෝ සන්ධි ආශ්‍රිත ඉදිමුම හා දැවිල්ල – මෙම තත්වයද ඔබට යම් නිදන්ගත රෝගයක් ඇතිබවට හෝ භයානක රෝග තත්වයක පෙර නිමිත්තක් ලෙසට මතුවිය හැකි ලක්ෂණකි. එය සිරුරේ ශෛල මාංශ වල දිරාපත්වීමද මෙයට එක් හේතුවක් විය හැකියි. ඔබ වයස්ගත අයෙකු නොවේ නම් හා එම තත්වය දිගින් දිගටම පවතීනම් ප්‍රමාද නොවී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.

3. ජීවත්වන පරිසරය – ඔබ ජීවත්වන්නේ නාගරික පරිසරයක නනම් හා රසායනික අපද්‍රව්‍ය ආදිය නිෂ්පදනය කරන කර්මන්ත ශාලාවක් අසල ප්‍රදේශයක නම් හෝ බැර ලෝහ මිශ්‍රවන ගංගා ආශ්‍රිත ප්‍රදේශයක නම් පරිසර දූෂණය වැඩි නිසා ඔබ මාරාන්තික පිළිකා රෝගයට ගොඳුරුවිමේ ඉඩකඩ වැඩි වේ.

4. කුසගින්න හා ආහාර ගැනීමේ රටාවෙහි ඇති වන වෙනස්කම් – ඔබ හදිසියේම ආහාර වැඩිපුර ගැනිමට පෙළඹීම මෙන්ම පෙරට වඩා අඩුවෙන් ආහාර ගැනීමට හුරුවීමත් සමහරවිට සැඟවූ රෝග තත්වයක පෙර නිමිත්තක් විය හැකියි.
මිචිගන් සරසවියේ විශේෂඥයින් පවසන පරිදි පුද්ගලයෙකු පෙර මෙන් ආහාරගැනිමට අපහසු වී අඩුවෙන් ආහාර ගැනීමට යොමු වන්නේ බොහෝවිට ඔවුන්ගේ සිරුරේ භයානක රෝගයක් නිදන්ගතව ඇති විටකයි.

5. ගඳ සුවඳ දැනීම අඩුවීම – පුදගලයෙකු මහලුවියට එළඹීමත් සමඟම ශ්‍රවණ තත්වය, ඇස් පෙනීම හෝ කටහඬ දුර්වලව යා හැකියි.
සමහරවිට එය ක්‍රමයෙන් නැත්තටම නැතිවීයාමක් වුවද සිදුවිය හැකියි. ගඳ සුවඳ දැනීමද එසේමයි. පරීක්ෂණ වලින් ඔප්පු කර ඇති තවත් වැදගත් කරුණක් නම් හදිසියේම ඔබේ ආග්‍රාණ හැකියාව දුර්වල වී බිඳවැටීමක්, ඔබේ ජානවල ඇතිවන යම් භයානක වෙනස්කමක ප්‍රතිපලයක් වීය හැකි බවයි. එවැනි විටෙකදී අවුරුදු 5ක ආසන්න කාලයක් තුළදී එම පුද්ගලයා මරණය කරා ද ළං වීමේ යම් ප්‍රවණතාවක් ඇතිවිය හැකි බවටද ඔවුන් අනතුරු අඟවා තිබේ.

6. නියපොතුවල ඇතිවන වෙනස්කම් – නියපොතු වල අසාමාන්‍ය ලප, මියර, පැහැය වෙනස්වීම්, හෝ ගැලවීයාමක් වෙනම් එයද එතරම් සුබ ලකුණක් නොවනු ඇත. සමහරවිට එය මාරාන්තික රෝගයක පෙරනිමිත්තක් විය හැකියි. එනිසා එවැනි ලක්ෂණ ඇතිනම් කල් නොයවා වෛද්‍ය ප්‍රතිකාර වෙත ඔබ යොමු විය යුතු බව මතක තබා ගන්න.

7. මුඛයෙන් වහනය වන දුර්ගන්ධය – මස්, සුදු ළුෑණු , ළුෑණු, අල ආහාරයට ගත් පසු මුඛයෙන් දුඟඳක් හැමීම ස්වභාවික තත්වයකි.
නමුත් මෙය දිගින් දිගටම එය පවතී නම් එය නිදන්ගත රෝගයක් බොහෝවිට පිළිකාවකට ද හේතුවිය හැකියි.

8. හෘද ස්පන්දන වේගය වැඩි අගයක පැවතීම – නිරෝගී පුද්ගලයෙකුගේ හෘද සපන්දන වේගය (bpm) විනාඩියකට 72 වාරයකට වැඩි නම් විශේෂයෙන්ම විනාඩියකට වාර 80-90 තරම් ඉහළ හෘද ස්පන්දන වේගයක් පවතී නම් එය ද මරණය ඉක්මන් විය හකි බවට තවත් ඉඟියකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!