Gossip

“එක ත්‍රස්‌තවාදියෙක්‌ හිර කූඩුවෙ දොර ළඟ ඉදිද්දී තවත් දෙන්නෙක්‌ මාව දූෂණය කළා. මට දරාගන්න බැරි දුකක්‌ ඇති වෙනවා. කරන්න පුළුවන් හැමදේම මම කළා”

කේට්‌ලන් කෝල්මන් ඉපදුණේ ඇමරිකාවේ පුංචි නගරයක. ලෝකෙ එක එක රටවල්වල සංචාරය කරන්න කේට්‌ලන් කෝල්මන් ඇලුම් කළා. කේට්‌ලන්ගේ සැමියා කැනේඩියානු ජාතිකයෙක්‌. ඔහුගේ නම ජොෂුවා බොයිලේ.කේට්‌ලන් කෝල්මනුත්, ජොෂුවාත් යුද්ධයෙන් ගිනි ඇවිලුණු ඇෆ්ගනිස්‌ථානයේ සංචාරය කරන්න පිටත් වුණේ සංචාරයට තියෙන ඇල්ම නිසාමයි. ඇමෙරිකාවේ ඈත නගරයක උපන්න සාමාන්‍ය ගැහැනියක්‌ වුණු කේට්‌ලන් ලෝකයටම ප්‍රවෘත්තියක්‌ බවට පත්වෙන්න මේ ඇෆ්ගන් සංචාරය හේතු වේවි කියලා කේට්‌ලන්වත් ජොෂුවාවත් මොහොතකටවත් හිතුවෙ නෑ.

ඒ ඇෆ්ගන් සංචාරයේදී කේට්‌ලන්වයි ජොෂුවාවයි තලේබාන් සංවිධානයට සම්බන්ධ සන්නද්ධ ත්‍රස්‌තවාදී කල්ලියක්‌ විසින් පැහැරගත්තා. ඒ 2012 දී. එයින් පස්‌සේ සෑහෙන කාලයක්‌ යනකල් මේ දෙන්නට මොකක්‌ද වුණේ කියලා කවුරුවත් දැනගෙන හිටියේ නෑ. ටික කාලයකට පස්‌සේ ඇමෙරිකානු රජයෙන් අත්අඩංගුවේ රඳවාගෙන ඉන්න තලේබාන් සිරකරුවන් වෙනුවට කේට්‌ලන් ජොෂුවා පවුල හුවමාරු කරගන්න යෝජනාවල් ඇමෙරිකානු රජයට ඉදිරිපත් වුණ බවත් සඳහන් වෙනවා.ඒත් 2017 අවුරුද්දේ ඔක්‌තෝබර් 11 වැනිදා පාකිස්‌තාන් හමුදාව මේ පවුල ත්‍රස්‌තවාදී ග්‍රහණයෙන් නිදහස්‌ කරගන්න කල්ම ඒ ගොල්ලො තලේබාන් ත්‍රස්‌තයන්ගේ අත්අඩංගුවේ ඉඳන් දුක්‌ වින්ඳා.
කේට්‌ලන් ඒ දරුවන්ට සෙල්ලම් කරන්න හිස්‌ බෝතල් මූඩි වලිනුයි, අහක දාන කාඩ්බෝඩ් වලිනුයි සෙල්ලම් බඩු හදලා දීපු හැටිත්, වැඩිමල් දරුවාට භූගෝලයත් තාරකා විද්‍යාවත් ගැන තනියම කියාදීපු හැටිත් කේට්‌ලන් මතක්‌ කරන්නේ කඳුළු පිරුණු ඇස්‌ වලින්.

“ඒ ගොල්ලො හැදෙන වැඩෙන හැටි දැක්‌කාම, එයාලගෙ හැදෙන වයසෙදී එයාලා අත්දකින දේවල් දැක්‌කාම මට දරාගන්න බැරි දුකක්‌ ඇති වෙනවා. ඒ නිසා ඒ තත්ත්වයේදීත් ඒ ගොල්ලෝ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්‌ම මං කළා..” කේට්‌ලන් කෝල්මන් කියනවා.
“ඒක පුංචි දරුවකුට දරාගන්න අමාරු අත්දැකීමක්‌. හැම තිස්‌සෙම බයෙන් ඉන්න සිද්ධ වෙන එක.. එයා දැනගෙන හිටියා කොයි වෙලාවක හරි අපේ මුළු පවුලම මරලා දාන්න වුණත් ඉඩ තියෙනවා කියලා. මේ වගේ ත්‍රස්‌තවාදීන් එක්‌ක ජීවත් වෙනකොට බෙල්ල කපලා මරලා දානවා කියන එකත් ඕනම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්‌නෙ.. ඒක හින්දා ඒ වගේ දෙයක්‌ වුණත් ඒ තරමටම බය වෙන්න කාරණාවල් නෙවෙයි කියන එක එයාට ඒත්තු ගන්නන්න අපි එයාව වෙනස්‌ විදිහේ සෙල්ලම් වලට හුරු කළා.

“ආගමික ම්ලේච්ඡයෝ කියලා මම ඒ ගොල්ලන්ගේ මුහුණටම කිව්වා. ඒ අය මේ කරපු දේට අපායේ ගින්දරෙන් පිළිස්‌සෙන්න වෙන බවත්, ඒ ගොල්ලන්ගේ ත්‍රස්‌තවාදී සංවිධානයට බැඳෙනවාට වැඩිය මැරෙන එක හොඳ බවත් මං ඒ අයට කිව්වා. ඒ හැම වතාවකම ඒ ගොල්ලෝ මට හිංසා කළා..”ජොෂුවාවත් තමන්ගේ ත්‍රස්‌ත කණ්‌ඩායමට බඳවාගන්න තලේබාන් ත්‍රස්‌තයෝ කීප වතාවක්‌ උත්සාහ කළා.

“උන් අපේ සිරකුටියට ආවා. මගේ ස්‌වාමිපුරුෂයාව බලහත්කාරෙන් අල්ලාගෙන හිර කූඩුවෙන් එළියට ඇදගෙන ගියා. එක ත්‍රස්‌තවාදියෙක්‌ මාව බිමට තල්ලු කළා. ඊට පස්‌සෙ “මං උඹව මරනවා.. මං උඹව මරනවා” කිය කියා මට පහර දුන්නා. එක ත්‍රස්‌තවාදියෙක්‌ හිර කූඩුවෙ දොර ළඟ ඉදිද්දී තවත් දෙන්නෙක්‌ මාව දූෂණය කළා. දූෂණය කළාට පස්‌සේ උන් මට මගේ ඇදුම් ටිකවත් ආපහු දුන්නෙ නෑ..” තමන්ගේ කුසේ හිටපු බිළිඳු දියණිය ගබ්සා වුණු අත්දැකීම කේට්‌ලන් විස්‌තර කළා.“දරුවන්ගෙ අනාගතේ වෙනුවෙන් මං ප්‍රාර්ථනා කරන්නෙ එක දෙයයි. එයාලා ඇති තරම් බයටත් දුකටත් මුහුණදුන්නා. ඒ නිසා එයාලාට ආයෙමත් ජීවිතේ තියෙන තුරුම ත්‍රස්‌තවාදයට නම් මුහුණදෙන්න සිදු නොවේවා කියලා විතරමයි මම ප්‍රාර්ථනා කරන්නෙ”.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!