Gossip

ෆේස්බුක් මෙහෙයුම් අරඹයි – 250 ක් ආරක්ෂක අංශ අත්අඩංගුවට

මේ දවස්වල හැමෝම වගේ කතා කරන්නේ සමාජ ජාල වෙබ් අඩවි ගැන. ඒකට හේතුව තමයි ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක්ම අවහිර කර තිබීම.
අපේ රටේ ඒ විදිහට වෙද්දි විදෙස් රටකින් අහන්න ලැබුණු සිදුවීමක් ගැනයි අපි මේ කියන්න යන්නේ.
සමාජ ජාල වෙබ් අඩවි හරහා ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාවට 250 කට වැඩි පිරිසක් මැලේසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිරිස අතර විදෙස් ජාතිකයින්ද වන බව එරට ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මසීර් කුජාත් ප්‍රකාශ කර තිබුණා.
ත්‍රස්තවාදයට අනුබල දෙන සහ ත්‍රස්ත කණ්ඩායම් සඳහා සාමාජිකයින් බඳවා ගැනීමට සමාජ ජාල වෙබ් අඩවි භාවිත කළ බවට එල්ල වු චෝදනා මත මලයාසියානු බුද්ධි අංශ සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 249 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් පිරිස අතරින් 240 දෙනෙකුම ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ එම කටයුතු මෙහෙයවා ඇති බව මලයාසියානු ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!