Gossip

ෆේස්බුක් තහනම ඉවත් වන දිනය මෙන්න

මේවන විටත් ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍යයන්ට ඇතුලුවීමේ පහසුකම ලබා දී නැහැ.

ඒනිසා හැමතැනින්ම අහන්න දකින්න ලැබෙන්නේ මේ තහනම ඉවත්වෙන්නේ කවදද කියලායි.

ඉතින් මේ ෆේස්බුක් සමාජ ජාලයට පනවා ඇති අවහිරය ලබන සිකුරාදා (16) ඉවත් කිරීමට තීරණය කරලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

ඒ වගේම ෆේස්බුක් ආයතනය නියෝජනය කරන ඉහළ නිළධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා දිනයේ (15) ශ්‍රී ලංකා රජයේ නිළධාරීන් පිරිසක් හමුවීමට ද නියමිතයි.

කොහොමවුනත් මෙම අවහිර කිරීම ඉවතලීම පිණිස වෛරී ප්‍රකාශන ඉවත් කරන බවට ෆේස්බුක් ආයතනය කර ඇති ප්‍රකාශය නිල වශයෙන් ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ආණ්ඩුවේ නියෝජිතයන් පිරිසක් ඊයේ ප්‍රකාශ කරලා තියෙනවා.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කියා ඇත්තේ එම ප්‍රකාශය ලැබුණු සැනින් සමාජ මාධ්‍ය තහනම ඉවත්කිරිමට රජය කටයුතු කරනවා කියලායි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!