Gossip

ළමා නිවාසවල සිටින දරුවන් ගැන සිත උණුවෙන කතාවක්

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ළමා නිවාසගත ළමුන් පිළිබඳව සිදුකළ සංගණනයක තොරතුරු පසුගිය මස නිකුත් කර තිබුණා.

ඒ අනුව, ළමා නිවාසගත ළමයින් සංඛ්‍යාව 10,632ක් වන අතර ඔවුන්ගෙන් 1,157ක් එකවර හෝ කායික, මානසික, ලිංගික හිංසනයට ලක්ව ඇති බවට වාර්තා වෙනවා.

මෙරට ඇති ළමා නිවාස ගණන 379ක්.

එම ළමා නිවාසවල සිටින පිරිසෙන් බහුතරයක්, එනම් 62.2%ක ප්‍රතිශතයක් ගැහැණු දරුවන් වෙනවා.

ඔවුන්ගෙන් 12%ක් අවිවාහක මවුවරුන්ට උපන් දරුවන් වන අතර 8.4%ක් බාලවයස්කාර මවුවරුන්ට උපන් දරුවන් බව සඳහන් වෙනවා.

ළමා නිවාසගත ළමුන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ අවුරුදු 10-14 වයස් කාණ්ඩයේ ළමුන් හා අවුරුදු 15ට වැඩි වයස් කාණ්ඩයේ ළමුන් වෙනවා.

එම දරුවන්ගෙන් බොහෝදෙනා තමන්ගේ මව හෝ පියා දැකගන්නට බලා සිටිනවා.

මෙම සංගණනය පැවැත්වූ කාලසීමාවේ ළමුන් 6,738 දෙනෙකුට පියවරු සිටින බව වාර්තා වී තිබෙනවා.

ඔවුන්ගෙන් 45%ක්ම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුව සිටි ඇති අතර එම පියවරුන්ගෙන් හරි අඩකට වැඩි පිරිසක් එක්වරක් හෝ තම දරුවා බැලීමට නිවාසවලට පැමිණ නැහැ.

එසේම මුළු ළමුන් ගණනින් 8,824 දෙනෙකුට මවුවරු සිටින අතර ඔවුන්ගෙන් 5,097කට කිසිදු ශාරීරික ආබාධයක් තිබී නැහැ.

නමුත් මොවුන් අතරින් තමන්ගේ දරුවා බැලීමට නිවාසවලට පැමිණ තිබුණේ තුනෙන් දෙකක් පමණයි.

ළමා නිවාසවල සිටින ළමුන් අතරින් 2,284ක් විපතට පත්ව සිටින බව සංගණනයෙන් වාර්තා වී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!