Gossip

ළමා අපයෝජනයකට චෝදනා එල්ල වූ රත්තරං, රජයේ පාසලක ත්‍යාග ප්‍රධානෝත්සවයක ප්‍රධාන ආරාධිතයා වෙයි – සිසුවියකට ත්‍යාග දුන් ඡායාරූපයෙන් බුකිය කැළඹෙයි

ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර රජයේ පාසලක දරුවන්ට ත්‍යාග ප්‍රධානය කරන අයුරු සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, දේශපාලනයට පිවිසීමට පෙර දේවාලයක කපුවෙකු ලෙස සේවය කර තිබුණා.

පසුගිය 23 වැනිදා බටදූව ප්‍රදේශයේ දේවාලයක දී 16 හැවිරිදි ගැහැණු ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට සන්ධාන පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන් යන අයට එරෙහිව අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ලැබුණු අතර ඒ අනුව ළමා අපයෝජන චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගැනුණා.

ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවල බරපතළකම තිබියදී පැය 24 ක් ඇතුළත ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නිදහස් කෙරුණා. ඒ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මතයි.

කෙසේවෙතත් මේ තීන්දුව සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන්වලද බොහෝ සෙයින් චෝදනා එල්ල වූ අතර බොහෝ දෙනා පවසන්නේ එවන් පසුබිමක පාසලක වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා මෙවන් පුද්ගලයෙකුට ආරාධනය කිරීමට පාසලේ වැඩපිළිවෙළ, පාසැල් විදුහල්පතිවරයා සහ එහි කාර්ය මණ්ඩලයෙහි මානසිකත්වය ගැන ප්‍රශ්න තිබෙන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!