ගන්දර ප්‍රදේශයේදී 14 හැවිරිදි පාසල් සිසුවියක් පසුගිය 29 වැනිදා හෙරොයින් පැකට්ටුවක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
අදාල සිසුවියයේ හැසිරීම පිළිබඳව සැක සිතූ පාසලේ ගුරුවරියක් සිසුවිය වෙනම ස්ථානයකට ගෙන පරීක්ෂා කිරීමේදී ඇය යම් දෙයක් තම මුඛයේ සඟවා ගැනීමට තැත්කර තිබෙනවා.
ඉන්පසුව සිදු කළ පරීක්ෂා කිරීම් වලදී ඇය ළඟ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 60 ක් සොයා ගෙන ඇත. ඉන්පසුව ඇයව පොලිසීයට භාර දීමට පාසල් බළධාරීන් කටයුතු කර තිබෙනවා.
මෙම ශිෂ්‍යාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවට වාර්තා වෙනවා.