ප්රවීණ සංගීතවේදී සිරිල් පෙරේරා මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයනවිට 73 හැවිරිදි වියේ පසුවූ ඔහු කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
බොහෝ දෙනෙකු ආදරයෙන් වැළඳගත් ගීත රැසක සංගීත නිර්මාපකයා වූයේ සිරිල් පෙරේරා මහතායි.
ඒ අතර සේපාලිකා, හුදෙකලා විරාමයේදි, මී පැනි රහසක්, කුස පබාවතී, නන්දනීය පෙම, වඩාත් ජනප්රිය වූවා.