Health & Beauty

හිසරදය ඔබට හිසරදයක් වෙලාද? වේදනාවෙන් ඔබට ගැලවුමක් නැතිද? එහෙමනම් විසඳුම මෙන්න

හැමදෙනාම වගේ ගොඩක් වෙලාවට පීඩා විදින ලෙඩක් තමයි හිසරදය කියන්නේ. ලොකු කුඩා කියලා නැහැ හැම කෙනාම මෙම වේදනාවට ගොදුරැවුණ පුද්ගලයෝ.
හිසරදය හැදෙන වාරයක් පාසා වෛද්‍යවරයා මුණගැහිලා බෙහෙත් ගන්න එක හැමදාම කරන්න පුළුවන් දෙයක් ද? ඒ වගේම වේදනා නාශක ගන්න එක ශරීරයට අහිතකර දෙයක්. හිසරදයක් හැදුන වෙලාවට මේ දේවල් වලට පෙළඹෙන්නේ නැතිව ශරීරයට හිතකර වගේම අවම වියදමකින් කරන්න පුළුවන් ප්‍රතිකාර තිබෙනවා.
හිසරදය ඇතිවුණු වෙලාවට රත්වුණු ජලයේ පෙගවූ ඝණකම් තුවායක් ජලය මිරිකා වේදනාව ඇතිවෙන ස්ථානයේ තබන්න.
ඒ වගේම බෙල්ල පිටුපසින් බෝතලයකට වතුර පුරවා බෙල්ල පිටුපසින් තබා තැවීම මගින් වෙදනාව අඩුකර ගැනීමේ හැකියාව තිබෙනවා.
හිසරදය ඇතිවුණු වෙලාවට රත්වුණු ජලයෙන් නාන්න පුළුවන්නම් එවිට හිසේ ඇතිවෙන වේදනාව අවම කරගැනීමට හැකියාව ලැබෙනවා.
ඔබ මිග්‍රේන් වලින් පීඩා විදින පුද්ගලයෙක් නම් අයිස් කැට කිහිපයක් තුවායක ඔතා නලල මත තබන්න. අයිස් කැට පිරවු කුඩා බෑගයක් වුවද මෙයට යොදාගන්න පුළුවන්. විනාඩි 15 පමණ නලල මත මෙය තිබෙන්නට ඉඩ අරින්න. එමෙන්ම සීතල වතුරෙන් ස්නානය කිරීමට හැකිනම් වේදනාව අවම කරගැනීමේ හැකියාව ලැබෙනවා.
ගොඩක් වෙලාවට කාන්තාවන්ට හිසරදය ඇතිවීමට හේතුවෙනවා තමන්ගේ කොණ්ඩය ඉතා තදින් බැද තිබීම.
එම නිසා කොණ්ඩට ගොඩක් තදින් බැද තැබීම අවම කරගන්න වගබලාගන්න. හිස්වැසුම් භාවිතා කිරීම මගින් ද නළල්පටි වගේම පිහිනීමේදී භාවිතා කරන ආරක්ෂක කණ්නාඩි හිසට තදවීම මගින් හිසරදය ඇතිවෙනවා. හිස්කබල පීඩනය වන ආකාරයට දේවල් කිරීමෙන් වැලකී සිටීම මගින් හිසරදය වලක්වා ගත හැක.
තද ආලෝකය ද හිසේ කැක්කුම ඇතිවීමට බලපානවා. පරිගණක තිරයෙන් විහිදෙන නිල් ආලෝකය මිග්‍රේන් ඇතිවීමට හේතුවෙනවා.
මෙය වලක්වා ගන්නනම් පරිගණක තිරයෙන් විහිදෙන නිල් ආලෝකය ආපහු හරවා යවන්න ඇස්කණ්නාඩි භාවිතා කරන්න. ඒ වගේම තද ආලෝකය මග අරවාගන්න අදුරැපැහැයෙන් යුතු තිර රෙදි භාවිතා කරන්න.
Chewing gum භාවිතය හේතුවෙන් ද හිසරදය ඇතිවෙනවා. ඒ වගේම සමහර පුද්ගලයෝ පුරැදු වෙලා ඉන්නවා නියපොතු හපන්න ,මොනයම් හෝ දෙයක් හැමවෙලේම හප හපා ඉන්න.
මේ විදියට දිගින් දිගටම යම් යම් දේවල් හැපීම හේතුවෙන් හිස්කබල පීඩනයට පත්වෙනවා. මේ නිසා ඇලෙන සුළු,ඇදෙන සුළු හෝ හැපීමට දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු ආහාර ගැනීමෙන් වැළකී සිටින්න වග බලාගන්න. එවැනි ආහාර පරිභොජනය කරනවානම් සුළු ප්‍රමාණයක් එක විටක ආහාරයට ගන්න.
තේ හෝ කෝපි සමග කැෆේන් ( caffein ) ස්වල්පයක් පරිභෝජනයට ගැනීමෙන් හිසරදය ඇතිවීම වලක්වා ගත හැක. හිසරදය පමණක් නොව එය ශක්ති ජනක පානයක් ද වනවා.
අලස බව අවම කර ක්‍රියාශීලි බව වැඩි කිරීමේ හැකියාව කැෆේන් වල ඇත. එ වුණත් අනවශ්‍ය පරිදි කැෆේන් භාවිතයෙන් වළකින්න. එවිට කැෆේන් මගින් හිසරදය ඇතිකරවයි.
හිසරදය සෑදුනු අවස්ථාවේ ඒ පිළිබදව සිතිමෙන් වළකින්න. යෝගා, භාවනාව හෝ මස්පිඩු ලිහිල් විමේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න.
මේ දේවල් වලින් ඇති වී තිබෙන පීඩන තත්වයන් අවම කර ඉක්මන් සහනය ලබාගැනීමට හැකියාව ලැබෙයි. ඒ වගේම බෙල්ල පිටුපස සම්භාහනය කර ගැනීම ද මෙයට පිලියමක් ලෙස දක්වන්න පුළුවන්. ඉගුරැ ස්වල්පයක් තේ සමග පානය කිරිම මගින් මිග්‍රේන් තත්වයන් පාලනය කිරිමට හැකියාව ඇති බවට වෛද්‍ය සමීක්ෂණ මගින් සොයාගන ඇත. ඔබට හිසරදය හැදීගන එන අවස්ථාවේ ඉගුරැ දාපු හොද තේ එකක් බොන්න. එයින් ඉක්මන් සහනයක් ඔබට ලබාගන්න පුළුවන් වේවි.
ගොඩක් වෙලාවට හිසරදය ඇතිකරගන්නේ අපිමයි. ඔලුවට පීඩනයක් නොදිම හා මගහරවා ගැනීම මගින් හිසරදය ඇතිවීම මග අරවාගන්න හැකියාව තියනවා.ඔබට හිසරදයක් ඇතිවු අවස්ථාවේ බෙහෙත් භාවිතා කිරීමට පෙළඹෙන්නේ නැතිව ඉහතින් සදහන් කල පිළියම් භාවිතා කිරීම මගින් හිසරදය මගහරවා ගැනීමට හැකියාව ලැබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!