Gossip

හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙක් එජාපයෙන් දේශපාලන කරලියට

චමින්ද වාස් කියලා කියන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහිවෙච්ච දක්ෂ වේග පන්දු යවන්නෙක්.

ඉතින් මොහු ගැන මේ වෙද්දි අලුත් කතාවක් පැතිරෙමින් පවතිනවා.

ඒ තමයි ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමට සූදානම් ඇති බවටයි.

‍කෙසේවෙතත් ඔහුගේ මෙම දේශපාලන ප්‍රවේශය වෘත්තාන්ත චිත්‍රපටයක් හරහා සිදු කිරීමට සැලැසුම් කර ඇති අතර එම චිත්‍රපටය සඳහා අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ දකුණු ඉන්දියාවේ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රභූ දේවා විසින් බවයි වාර්තා වන්නේ.

චමින්ද වාස් පසුගියදා ඉන්දියාවට ගොස් ප්‍රබල දෛවඥයන් ගණනාවක් මුණගැසී ඇති බවටද වාර්තා වනවා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ද පසුගිය කාලයේ මෙලෙස දේශපාලනයට එක්වන ලෙස එජාපය ආරාධනා කළද ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!