Gossip

“හැමෝම මට දොස් කිව්වා, මට පෙම්වතෙක් එක්ක සම්බන්ධයක් ඇති කියලා ..” – මුහුදු ජීවියකු නිසා තරුණියික් ගැබ් ගනී – Photos

මිනිසුන් තුළ පවතින මිථ්‍යා විශ්වාස නිසා මිනිසුන් සහ සතුන් දුක් විඳිනා ආකාරය දියුණු යැයි පැවැසෙන වර්තමාන සමාජය තුළින්ම ඕනෑ තරම් උදාහරණ ගෙන හැර දැක්විය හැකියි. ශිෂ්ටසම්පන්න යැයි පැවසෙන මිනිසාම පුහු මිථ්‍යා මතයන් නිසා අශිෂ්ට ලෙස මිනිසුන් තළා පෙළා දමන ආකාරය ඉතාම ශෝකජනකයි.
පුහු මිථ්‍යා මත නිසා බොහෝ විට දුක් විඳීමට සිදුවන්නේ ස්ත්‍රී පාර්ශ්වයටයි. එය මෙහි තවත් අයහපත් පැතිකඩක් ලෙස විග්‍රහ කිරීම නිවැරැදියි. අතීතයේ සිට පැවත එන අද්භූත මිථ්‍යා මතයක් නිසා දුක්විඳීමට සිදුවූ පිලිපීන දැරියක් පිළිබඳ පසුගිය දින කිහිපයේදී ලොව පුරා මිනිසුන්ගේ අවධානයට ලක්වූවා. මේ දාහත් වියැති ඇයගේ කතාන්දරයයි.
“කිම්බර්ලි රොබ්ලස්” පිලිපීනයේ ඇල්බේ ගම්මානයේ වෙසෙන දාහත් වියැති යොවුන් යුවතියක්. මුහුද ආසන්න පෙදෙසක ජීවත් වන ඇය නිතර නිතර මුහුදේ පිහිනමින් විනෝදයෙන් කාලය ගත කිරීමට පෙලඹුණා. මෙයට මාස කිහිපයකට පෙර කිම්බර්ලිගේ ශරීරයේ බර අසාමාන්‍ය අයුරින් වැඩි වීමට පටන් ගැනෙනවා. ඒ සමඟම ඇයගේ උදරයද ඉදිරියට නෙරා ඒම ඇරඹෙනවා. උදරයේ ඇති වූ අසාමාන්‍ය තත්ත්වයත් සමඟ ඇයගේ මවුපියන් සහ ගැමියන් ඇය රහසිගත පෙම්වතකුගෙන් ගැබ්බර වී ඇති බව පවසමින් ඇයට චෝදනා එල්ල කරනවා. නමුත් කිසිදු දිනෙක පෙම්වතකු ඇසුරු කර නොමැති කිම්බර්ලි ඒ සියලු චෝදනා සත්‍ය නොවන බව පවසනවා.
කිම්බර්ලි නිතර නිතර සාගරයේ පිහිනමින් කාලය ගත කරන බව ඇයගේ මවුපියන්ගේ සහ වැඩිහිටියන්ගේ සිහියට නැඟෙන්නේ ඉන්පසුවයි. පිලිපීන ගැමියන් විශ්වාස කරන පරිද්දෙන් යුවතියක් ඇයගේ මාසික ඔසප් කාලයෙන් දින පහක් පමණ යනතුරු සාගරයේ ස්නානය කිරීමෙන් අෑත් වී සිටිය යුතුයි. නැතහොත් ඇය පිහිනා යන විට මුහුදේ සිටින අත්භූත ජීවීන් ඇයගේ ගර්භාශයට ඇතුළු වී එහි වැඩීමට පටන් ගැනෙනවා.
නිතර මුහුදේ පිහිනන කිම්බර්ලිගේ කුස තුළත් එවැනි අත්භූත ජීවියෙක් වර්ධනය වන බව ඇතැමුන් පැවැසුවා. ඇතැම් ගම්බද වැසියන් ඇය මාළුවකු සමඟ පෙමින් වෙළී එම සත්ත්වයා සමඟ ලිංගිකව එක්වීම නිසා ඇය ගැබ්ගත් බව පවසමින් ඇයව ප්‍රතික්‍ෂේප කර දැමුවා.
මේ නිසාම ඇයව ස්කෑන් පරීක්‍ෂණයකට භාජන කිරීමට ඇයගේ මවුපියන් සිතනවා. ස්කෑන් පරීක්‍ෂණයේදී කිම්බර්ලි සිහිනෙන්වත් නොසිතූ විස්මිත දෙයක් දැකගැනීමට ඇයට සිදුවෙනවා. මාළුවකුගේ වැනි ඇස්, මුඛයක් හා වරල් ඇති ජීවියකු ඇයගේ උදරය තුළින් දිස්වෙනවා. ගැමියන්ගේ මතය සනාථ කරමින් වෛද්‍යවරුන් පවා ඔවුන්ට පවසා සිටියේ ඇයගේ තත්ත්වය සොයා ගැනීමට අපහසු බවයි. මේ නිසාම මානසිකව විශාල කඩාවැටීමකට ලක්වීමට කිම්බර්ලිට සිදුවෙනවා.
වසරකට පසුත් ඇය කිසිදු ජීවියකු බිහි නොකිරීම නිසා ඇයව නැවත පරීක්‍ෂණයකට ලක් කෙරෙනවා. ඉන්පසු වෛද්‍යවරුන් පවසන්නේ ඇයගේ ගර්භාශය තුළ මාළුවකුගේ හැඩය ගත් ගර්භාශ ගෙඩියක් (ovarian cyst)වර්ධන වී ඇති බවයි. එම ගෙඩිය කිලෝ 40 – 50ක බරකින් යුක්ත බවත් සැත්කමක් මඟින් එය ඉවත් කළ හැකි බවත් වෛද්‍යවරුන් සනාථ කරනවා.
“මට හුස්ම ගන්න අමාරුයි. මගේ පපුව ඉතාම තදින් මට දැනෙනවා. මගේ පවුලේ අය හිතුවේ මම ගැබ්ගෙන ඇති බවයි. ඒත් මට පෙම්වතෙක් හිටියේ නැහැ. ඉන්පසු මිථ්‍යා ජීවියෙක් නිසා මා ගැබ්ගෙන ඇති බව සියල්ලෝම පැවැසුවා.”
දුක්බර මුහුණෙන් යුතුව කිම්බර්ලි ඇයගේ සිත තුළ ඇති ශෝකය පිට කර සිටින්නේ එලෙසයි. කිම්බර්ලිගේ මවුපියන් මේ මොහොත වන විටත් ඇයගේ ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් සොයා යනවා. වෛද්‍ය විද්‍යාව මඟින් තහවුරු කළද කිම්බර්ලිගේ මිත්තණිය ඇතුළු වැඩිහිටියන් අදටත් විශ්වාස කරනුයේ ඇයගේ කුස තුළ විස්මිත ජීවියකු වැඩෙන බවයි. විද්‍යාවට වඩා මිථ්‍යාව විශ්වාස කරන මිනිසුන් වෙසෙන රටක ජීවත් වන අපටද කිම්බර්ලිගේ කතාවෙන් ගත හැකි දේ බොහෝමයක් ඇති බව අවසාන වශයෙන් සටහන් කළ යුතුයි.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!