ඉන්ධන මිල යළි පහළ දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඊයේ පැවති මිළටම ඉන්ධන අළෙවිකරන ලෙසයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නියෝග කොට ඇත්තේ.
ඊයේ (05) මධ්‍යම රාත්‍රිය තෙක් පැවති ඉන්ධන ලීටරයක මිල ලෙස සටහන් වූයේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.137, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.148, ඩීසල් ලීටරයක් රු.109 ක් සහ සුපර් ඩීසල් ලීටරයක්රු.119 ක් ලෙසයි.