Gossip

හැටන් සිට කොළඹ බලා ගිය ශීඝ්‍රගාමී දුම්රියෙන් වැටුණු බිරිඳ බේරගන්න සැමියාත් දුම්රියෙන් පැනලා

පසුගිය ඉරිදා හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියෙන් රඹුක්කන ප්‍රදේශයේදී වැටුණු බිරිය බේරා ගැනීමට තැත්කළ සැමියාත් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ රත්නපුර ගොඩකවෙල වෑකන්ද ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක හා ඇගේ සැමියා වන වැලිඔය උඩකොටස, හැටන් පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකුයි.

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණිය, අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ ඇඟලුම් ආයතනයක සේවය කරන අතර තරුණයා කඩවත ප්‍රදේශයේ රැකියාවක් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනා පෙරේදා මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියකු බලා ආපසු කොළඹ දක්වා එමින් සිටියදී දුම්රියේ විශාල මගී සංඛ්‍යාවක් සිටි නිසා ‍දොරටුවක් අසල හිඳගෙන සැමියා සමඟ ගමන් කරමින් සිට ඇති අතර රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේදී නිදිමත නිසා තරුණිය ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පිටතට විසි වී ඇති අතර ඇය බේරා ගැනීමට තරුණ සැමියාද දුම්රියෙන් පැන තිබෙනවා.

තුවාලලත් දෙදෙනා මෑතකදී විවාහය ලියාපදිංචි කරගෙන ඇති බවත් තව මාස කිහිපයකින් ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය සිදු කිරීමට නියමිතව ඇති බවත් පැවසෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!