Gossip

“හාමුදුරුවෝ මාව ගණන් ගත්තේ නෑ -මම එතන තිබුණ පරණ ජනෙල් පඩිකඳක්‌ උස්‌සල හාමුදුරුවන්ගේ ඔළුවට දෙපාරක්‌ ගැහුවා” – විහාරාධිපති ඝාතනය ගැන සැකකරු පොලිසියට කරපු පාපොච්චාරණය

මම කලක සිට මෙම හාමුදුරුවෝ ඇසුරු කරනවා. මම එදින අඳුර වැටීගෙන එන මොහොතේ පංසලට ගියා. මම එදා ගිහින් හාමුදුරුවන්ගෙන් රුපියල් දසදහසක්‌ ඉල්ලුවා. කලින් ගත්තු රුපියල් පන්දහස නොදුන් නිසා සල්ලි දෙන්න බෑ බැහැපන් එළියට කීවා. අපි දෙන්නා අතර බහින් බස්‌වීමක්‌ ඇතිවුණා. හාමුදුරුවෝ ඇඳේ හාන්සි වී සිටියා. මාව ගණන් ගත්තෙත් නෑ. මටත් තරහ ගියා. මම එතන බිම ගලවා දමා තිබුණ පරණ ජනෙල් පඩිකඳක්‌ උස්‌සල හාමුදුරුවන්ගේ ඔළුවට දෙපාරක්‌ ගැහුවා. හාමුදුරුවෝ කතා කළේ නෑ. ජනෙල් පඩිකඳේ ලේ තැවරී තිබුණා. මම එළිය ඉස්‌සරහ කාමරය පැත්තට ගෙනිහින් දැම්මා. ඉස්‌සරහ දොරේ ඉබ්බා සහ යතුර අතට අරගෙන මේන් ස්‌විච් එකෙන් ලයිට්‌ නිමුවා. ඉස්‌සරහ දොරට ඉබ්බා දමල මම එතනින් කළුවරේම පිට වී බස්‌ පාරට ආවා.

පිංදෙනිය පොලිස්‌ වසමේ ඇපලකොටුව ශ්‍රී විවේකාරාමයේ වැඩ විසූ වයස අවුරුදු 88 ක්‌ පමණ වූ විහාරාධිපති රොටුවේ චන්දානන්ද හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් 62 හැවිරිදි සැකකරු 11 දා පිංදෙනිය පොලිසියේ දී පැවසීය.

දැනට වසර කීපයක සිට අරන්දර බෝගස්‌ හන්දියේ වඩේ විකිණීමේ යෙදුණු මෙම සැකකරුගෙන් වඩේ මිලදී ගැනීමට මෙම ස්‌වාමීන් වහන්සේ පුරුදුව සිටි බවද ඒ නිසාම දෙදෙනා අතර කිට්‌ටු සබඳතාවයක්‌ පැවැති බවද සිද්ධිය වූ දිනයේ අදාළ වේලාවන් තුළ මොහු පංසල දෙසට යන අයුරුද පසුව කළබලෙන් ආපසු එන අයුරුද ඇසින් දුටුවෝ පොලිසියට ලබාදුන් තොරතුරු ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වද්දී එම නිලධාරීන්ට මෙම සැකකරු රුවන්වැල්ල පොලිස්‌ වසමේ අඟුරුවැල්ල බෙත්මේගෙදර පිහිටි සැකකරුගේ නිවසේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු 11 දා පස්‌වරුවේ කෑගල්ල මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියට පැමිණ වීමටද නියමිතව තිබුණි.

කෑගල්ල/ පිංදෙනිය පොලිස්‌ වසමේ ඇපලකොටුව ශ්‍රී විවේකාරාමයේ වැඩ විසූ එහි විහාරාධිපති රොටුවේ චන්දදානන්ද හිමියෝ (88) කිසියම් පුද්ගලයෙක්‌ විසින් පහර දී මරණයට පත්කර තිබියදී පිංදෙනිය පොලිසිය විසින් සොයා ගෙන තිබුණේ පසුගිය 7 දා පස්‌වරු 6.00 ට පමණය. ඒ වන විට මෙම අපරාධයට පැය 48 ක්‌ පමණ ගත වී ඇති බවත් මොට ආයුධයකින් පහර දීමෙන් හිසට සිදු වූ බරපතළ තුවාල මෙම හදිසි මරණයට හේතුව බවද කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වමින් සඳහන් කර තිබුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!