Gossip

හයිවේ එකේ ඩ්‍රයිව් කරන ගමන් ඩාන්ස් කරපු මේනකා ආයෙමත් බුකිය කළඹයි

මේනකා මධුවන්ති කියන්නේ පුවත් මවන චරිතයක්.
ඒකට හේතුව තමයි යම් යම් සිද්ධි හරහා ඇය ගැන හැමෝම වගේ කතා වෙන්න පටන් ගත්ත එක.
ඇය දැන් පෙම්වතියක්ලු.
මේ ඒ ගැනත් ඇයගේ අලුත්ම විස්තර ගැනත් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණු විදිහයි.

මේනකා මේ දවස්වල වැඩද..නැත්තම් නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවද..?
පසුගිය දවස්වල චිත්‍රපටයක වැඩ කළා.
ඒ වැඩෙත් එක්ක කාර්ය බහුල වුණා. මම සම්බන්ධ වුනු නිර්මාණ 4ක් එන්න තියෙනවා.

සම්භාව්‍ය මට්ටමේ නිර්මාණයකට මේනකාට ආරාධනාවක් ලැබුණොත් ඕන කැපකිරීමක් ඒ වෙනුවෙන් කරන්න පුළුවන්ද..?
නිලියක් වුනහම සීමාවක් දාගෙන ඉන්න ඕන නැහැ. නමුත් අපේ රටේ ඒ වගේ නිර්මාණවලට හිටියම පිළිගැනීමක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
මම ප්‍රශ්න දාගන්න කැමති නැහැ. ඒ නිසා සාමාන්‍ය විදිහට නිර්මාණවලට සම්බන්ධ වෙනවා.

කවුරු හරි බලපෑම් කරනවද..?
ඔව්. අනේ මන්දා මාව ඒ පැත්තට තමයි වැටිලා තියෙන්නේ. පරණ දේවල් හරි එලියට දාලා මඩ ගහනවා.
ගොඩක් අය පෙනෙන දේ විශ්වාස කරනවා. ඇත්ත ගොඩක් අය හොයලා බලන්නේ නැහැ.

ඔහොම හොය හොයා මඩ ගහද්දි ගැටලුවක් නැද්ද..?
ගැටලුවක් වුණත් ඉතින් මම නිවැරදියි කිය කියා නම් යන්නේ නැහැ. කැමති දෙයක් හිතා ගන්න කියලා මම ඉන්නවා. මම කවුද කියලා මම දන්නවනේ.

සමහරු විනෝද වෙන්න ක්ලබ් යනවා..මේනකාත් එහෙම කෙනෙක්ද..?
ක්ලබ් ගිහින් නැහැ කියලා මම කියන්නේ නැහැ. මම ක්ලබ් ගිහින් තියෙනවා.
අපි ක්ලබ් යනවා කියලා මඩ ගහන අයත් ක්ලබ් යනවා.

දැන් නිලියෝ හැසිරෙන විදිහ හරි නැහැ කියලා ගොඩක් අය කියනවා…?
මම දැනුවත්ව නම් මට එහෙම චෝදනාවක් නම් නැහැ. අපිට ඇගිල්ල දික් කරන්නේ අපේ ක්ෂේත්‍රයේ අය නෙමෙයි. පිට අය. අපි ඉතින් හැරුණත් වැරදියිනේ.

කලින් ආශ්‍රය කළ යාළුවෝ දැන් ආශ්‍රය කරන්නේ නැද්ද..?
අම්මෝ දැන් මට යාලුවෝ නැති තරම්. වෙච්ච ප්‍රශ්න එක්ක ඈත් වෙලා පාඩුවේ ඉන්න එක හොදයි.

දැන් මේනකා පෙම්වතියක්..?
මම පෙම්වතියක්. එයා මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නෙමෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!