Gossip

හබරණ මහ වනමැද ඇති ආරණ්‍ය සේනාසනයට තාත්තා අරන් දුන්න බයික් එක පූජ කරපු තරුණයා

තමන්ට තාත්තා අරන් දුන්න යතුරු පැදිය පන්සලකට පූජා කරපු තරුණයෙක් ගැන මුහුණු පොතෙන් අපිට දැකගන්නට ලැබුණා.

මේ ඔහු ඒ ගැන මුහුණු පොතට දැමූ සටහනයි.

මගේ මෝටර්සයිකලය බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගයාගේ පහසුව පිණිස බුදුසසුනට පූජා කලා …..
හබරණ මහ වනමැද ඇති ආරණ්‍ය සේනාසනයෙ අපි කුටිය හදද්දි මං දැක්ක උන්වහන්සේලා විශාල අපහසුතාවට පත්වෙන අයුරු මේ ගැටලුවෙන්.
මං ලොකුස්වාමීන්වහන්සේ ලගට ගිහින් ඇහුව,
ස්වාමින්වහන්ස හබරණටවත් හදිසියට යන්න විදිහක් නෑ නේද ඒක ලොකු ගැටලුවක් නේද අපේ හාමුදුරුවනේ …
එහෙමයි මහත්තයො, දානය එන්නෑ කියල දැනගන්නෙ 10ට විතර කට්ටිය නාවහම ,ඉතින් බනිස් ගෙඩියක්වත් ගෙන්නගන්න අමාරුයි 12කලින් ,
හදිසියට බේත් ටිකක් ගන්න යන්න වෙන්නෙ ලෑන්මාස්ටර් එකේ ඒකත් හරිම අපහසුයි…
අපේ හාමුදුරුවනේ bike එකක් තිබුනොත් හොදයි නේද..
කොච්චර වටිනවද ඒක…
මං මගේ bike එක පූජා කරන්නම් අපේ හාමුදුරුවනේ …
ඉතින් මං මගෙ බයික් එක පූජා කලා මහා සංඝරත්නයේ පහසුව තකා…
තාත්ත මට අරන්දුන්නෙ මේක ඉස්සල්ලම office යන්න. මං හිමීට තාත්තට කීව, තාත්තෙ මගෙ bike එක පූජා කරන්නද.
හ්ම්හ්…….හොදයි.
මේ මහා කුසලයේ මහත්ඵල වූ ආනිසංසයන් මගේ ආදරණීය පියාණන්ටම අත්වේවා …
අතහැරීම තුලුන් ලත් කුසලානිසංස මාගේ නිර්වාණයටම හේතු වාසනා වේවා ….
රථය පූජාකලා…
මගත්තයො.. මේ මහා කුසලය අපිට හරිම ප්‍රයෝජනවත්.. රථය පූජාකල පින විතරක් නෙවේ .. අපි බෙහෙතක් ගේන්න යව්වම ඒ රෝගීනට පිහිටවූ කුසලයත් අත්වෙනව..
දානයට අවශ්‍ය දේ ගේද්දි ඒ කුසලයත් අත්වෙනව.
ඒවගේ නොයෙක් අයුරින් කුසල් රැස්වෙනව.
ඉතින් සතුටියි.. bike එකක් පූජා කරන්න ඕනෙ කීවනම් යාලුවො ඇතිතරම ඉන්නව පෝලිමේ…ඒත් මට හිතුන මේ කුසලය මට පහසුවෙන් කලහැකි නිසා මංම කරනව කියල.
අනික් bike එක වැලිකන්දෙ සමාජසේවයට පූජා කරල තියෙද්දි මට මේක වැදගත් වුනත් ඊට වඩා වටිනව මේ bike එක සේනාසනයට.
මේක කවදාවත් විකුනන් නෑ කියල නෝනයි මමයි තීරණය කරල තිබ්බෙ ආදරය කරන කාලෙ මේක අපිට හොරගමන් යන්න දඩුමොනරෙ වුන නිසා..ඒත් ඒ සිහිවටන මේ පින්කමේදි අපිට අදාල වුනේ නෑ…
ගොඩාක් සතුටින් කල පින්කමක් .ආරණ්‍ය සේණාසනේ උපස්ථායක මහත්තයට ගොඩාක් සතුටු ඇති .තවත් හොදින් උපස්ථාන කරන්න දැන් පුලුවන් නිසා….
දන්නව දැන් අඩුපාඩු තියන ආරණ්‍ය පංසල් වලට දන්න නොදන්න මගෙ යාලුවො බොහෝ දෙනෙක් බයික් දන්දේවි… මේ සතුට විදින්න. ඒක ගොඩක් පින්කම් වලදි වෙනදෙයක්.
ඔබ සැමට මේ මහත්ඵල මහානිසංස වූ මේ මහා කුසලය එකසිතින් අනුමෝදන් වේවා ……

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!