Gossip

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මහජන ආරක්ෂණ පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන ක්‍රියාත්මක වනු ඇති.

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් හදිසි නිතිය රෙගුලාසී යටතේ ගැසට් කිරීමට රජය තීරණය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ ප්‍රකාශ කළේය.

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය ලබාදීම මෙහි අරමුණයි.

මහජන ආරක්ෂක පනත පැනවීමෙන් පසු එය අදාළ කාලය තුළ රටේ පවතින අනෙකුත් නීති සහ රෙගුලාසීවලට ඉහළින් බලපැවැත් වේ.

මෙම පනතේ විධිවිධානයන්ට අනුව වරෙන්තු නොමැතිව සාධාරණ සැකයන් ඔස්සේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ රදවා ගැනීමට ආරක්ෂක අංශ වෙත අවස්ථාව හිමි වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!