Gossip

සොඳුරු සංගීත ශිල්පී ගිහාන්, සැවොම හඬවමින් පෙට්ටියකින් ගෙදරට එයි

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඕරා සංගීත කණ්ඩායමේ විදුලි ඕගන වාදන ශිල්පී ගිහාන් රත්නායකගේ දේහය මේවනවිට වේයන්ගොඩ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ගිහාන් ගම්පහ – ඔරුතොට කලු පාලම ආසන්නයේදී දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වුණේ පසුගිය 7 වැනිදා රාත්‍රියේයි.

මෙම සිද්ධිය සිදුවීමට පෙර ගිහාන් විසින් සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක් තබා තිබූ අතර එහි සඳහන් කර තිබුණේ අදාළ වීඩියෝවේ සිටින පුද්ගලයා තමන්ගෙන් රුපියල් ලක්ෂ 40 ක මුදලක් ලබාගෙන එය නැවත ලබා නොදී තමන්ට තර්ජනය කරන බවටයි.

ඒ අනුව අදාළ පුද්ගලයා ද පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට ද පොලිසිය කටයුතු කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!