Gossip

සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් දේශපාලනයට එකතු වෙයි

වත්මන් දේශපාලනය ගැන හැමෝම වගේ කතාවෙද්දි මුත්තයියා මුරලිදරන්ද මේ දේශපාලන කතා බහට එක්වී තිබෙනවා.

ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොව කුසගින්නට නිවා ගන්නට යමක් බව මුත්තයියා මුරලිදරන් පවසනවා.
හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මේ බව පවසා සිටියේ BBC සිංහල පුවත් සේවය සමඟින් අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පවසා සිටියා….

අපි දේශපාලකයන්ව පාර්ලිමේන්තුවට යවන්නේ රට පාලනය කරන්න, දුන්නේ වැඩක් කරන්න, ඒක බෑ කියනව නම් දාලා යන්න ඕනේ, නිදහසට කරුණු කියන්න බැහැ, මට පන්දු යවන්න බැරි නම් මම නිදහසට කරුණු 25,000ක් විතර කියනවා, නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ.මිනිස්සු මට බනියි. මේකට ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන්, නීතිය වගේ කරුණු දෙවනුවට බලන්න ඕනේ, පාර්ලිමේන්තුවට ඒ පළාත්වලින් නියෝජිතයෝ යවලා මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ, ඔවුන් අහන්නේ කෝ කෑම තුන්වේලක්, කෝ ළමයින්ට හොඳ ඉගෙනීමක් වගේ දේවල්..

“දෙමළ දේශපාලකයන් කතා කරනවා අයිතිය ගැන, ඊට පස්සේ ඉස්සර වෙච්ච් දේවල් ගැන, ඊට පස්සේ කියනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන මට තේරෙන්නේ නැහැ මොනවද ඒ කියලා, මේ පවුල ගැන බලන්න එක මන්ත්‍රී කෙනෙක් නැහැ.අතීතයේ දෙපැත්තෙන් ම වැරදි වුණා, මම කියන්නේ නැහැ සිංහල මිනිස්සු ඔක්කොම වැරදියි කියලා, ඒකේ 5% ක් විතර දේශපාලන ගේම්වල අයුතු ප්‍රයෝජන ගත්තා, ඒකෙන් මුළු රටේ ම ප්‍රශ්න ඇති වුණා, ඊට පස්සේ ප්‍රභාකරන් හැදුව දෙමළ මිනිස්සු ගැන පෙනී සිටින එක, ඒක ඉස්සෙල්ලා කරා, පස්සේ එයත් මිනී මරන්න පටන් ගත්තා, එයා ත්‍රස්තවාදියෙක් වුණා.”

“දෙපැත්තට ම හානි වුණා, යුද්ධයකදී අහිංසක මිනිස්සු මැරෙනවා, නැත්නම් ඒකට යුද්ධයක් කියන්නේ නැහැ, එහෙම නැත්නම් සමාකමීව සාකච්ඡා කරලා බේරගන්න ඕනේ.මේ රටේ 80% ක් විතර ඉන්නේ සිංහල බෞද්ධ කට්ටිය, ඒගොල්ලන්ට අයිතියි මේ රට, කොච්චර නෑ කිව්වත් අපි සුළු ජාතිකයෝ.නමුත්, “මම දක්ෂතා පෙන්වද්දී මුළු රට ම සිංහල, දෙමළ, මුස්ලිම් ද කියල බලලා ද මට සහයෝගය දුන්නේ?, මගේ දක්ෂතාවට මේ රටේ පුරවැසියෙක් නිසා මට උදව් කරා.. යනුවෙන් මුරලි වැඩිදුරටත් සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!