Gossip

සුපිරි ක්‍රිකට් තරු සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙහෙමයි – Photos

මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය ඊයේ වෝටර්ස් එජ් හිදී පැවැත්වුනා.එහිදී පිරිමි අංශය වෙනුවෙන් ලසිත් මාලිංග සහ තිසර පෙරේරා සම්මාන ද්විත්වය බැගින් ද කාන්තා අංශය වෙනුවෙන් චමරි අතපත්තු සම්මාන 4 ක් ද දිනාගැනීම බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වූවා.ඒ අනුව එක්දින පිතිකාරිණිය, වසරේ දක්ෂතම එක්දින, තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ වසරේ දක්ෂතම විස්සයි-20 පිතිකාරිණියන යන සම්මාන වලින් චමරි අතපත්තු පිදුම් ලැබුවා.සම්මාන 4 කින් පිදුම් ලැබුවද එම වටිනා අවස්ථාවට සහභාගිවීමේ අවස්ථාව චමර අතපත්තුට අහිමි වූයේ ඔහු ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩාකිරීම සඳහා එක්ව සිටීම හේතුවෙන්.ලසිත් මාලිංග විසින් එක්දින සහ විස්සයි-20 තරග අංශයන්හි දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මාන ද්විත්වය හිමිකරගත් අතර එක්දින තරඟ අංශයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ දක්ෂතම විස්සයි-20 පිතිකරු යන සම්මානවලින් තිසර පෙරේරා පිදුම් ලැබුවා.

මෙම ක්‍රිකට් සම්මාන උළෙලේ විශේෂ අවධානයක් යොමු වුණු සම්මාන යුගලයක් වූ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන ලද විශිෂ්ඨතම සේවාවක් අගයමින් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන ඇගැයීම් සම්මානයෙන් මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් ශාමිල් අමිත් මහතාද, කමල් දේශප්‍රිය මහතා විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් ද හිමිකරගත්තා.ජාත්‍යන්තර කාන්තා අංශය යටතේ ප්‍රදානය කරන ලද සම්මාන 7 න් 4 ක් චමරි අතපත්තු දිනා ගනිද්දී, එක්දින තරග අංශයේ දක්ෂතම පන්දු යවන්නියට හිමි සම්මානය ඕෂධී රණසිංහ විසින්ද, විස්සයි-20 තරග අංශයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ හොඳම පන්දු යවන්නියට හිමි සම්මාන ද්විතවයට එක්දින තරඟ අංශයේ නායිකා ශෂිකලා සිරිවර්ධන හිමිකම් ලැබුවා.සමස්ථ සම්මාන 47 ක් පිරිනැමුණු මෙම සම්මාන ප්‍රදානයේදී වසරේ ටෙස්ට් පිතිකරු ලෙසින් ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නද, ටෙස්ට් අංශයේ දක්ෂතම පන්දු යවන්නා සහ තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මාන පිළිවෙළින් දිල්රුවන් පෙරේරා සහ ධනංජය ද සිල්වා විසින් දිනා ගත්තා.එම සම්මානවලට අමතරව එක්දින තරග අංශයේ දක්ෂතම පිතිකරුවා ලෙසින් කුසල් ජනිත් පෙරේරාද විස්සයි-20 තරඟ අංශයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානයෙන් ඉසුරු උදානද සම්මාන දිනා ගත්තා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!