Gossip

සුදු වතින් සැරසී රුවන්වැලි මහසෑ පංච මහා අධිෂ්ඨාන පූජාවේ කිරිපිඩු දානයට සැරසෙන හැටි – Photos

අනුරාධපුර රුවන්වැලි මහසෑය අභියස පැවැත් විමට නියමිත පංච මහ අධිෂ්ඨාන පුජාවේ කිරිපිඩු ධානය සඳහා අතින් වි පිරිසිදු කර සහල් බවට පත් කිරිමේ පිං කමක් හැටන් ශ්‍රී විජයමංගලාරාම විහාරස්ථනයේදි අද පැවැත්වුණා.

එම විහාරස්ථනයේ විහාරවාසි පන්නගමුවේ දයාවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පිං කම කළණ මිතුරු හවුල් සංවිධාන විසින් සංවිධානය කරන අතර හැටන් රුවන්පුර තරුණ බෞද්ධ එකමුතු සංවිධානය මගින් හැටන් රුවන්පුර වැඩසටහන සංවිධානය කර තිබුණා.

රුවන්පුර ශ්‍රී විජයමංගලරාමය වෙත මේ සඳහා කළණ මිතුරු හවුල් සංවිධානය විසින් වි ග්‍රෑම් 250 ක් ලබා දි තිබු අතර, එම වි රුවන්පුර ප්‍රදේශ වාසින් හා පාසල් සිසුන් දින දෙකක් පුරා වි මුඛ වාඩම් බැද සුදුවතින් සැරසි ඉතා සියුම් ලෙස බුලත් කොලයක් මත තබා වී ඇටයෙන් ඇටයට අතින් සුද්ද කර වී සහල් බවට පත් කෙරුණා.

මෙම පිංකමට රුවන්පුර ප්‍රදේශවාසින් හා පාසල් සිසුන් විශාල පිරිසක් සහභාගිවී සිටියා.

මහා අධිෂ්ඨාන පුජාව මේ මස 17,18,19 යන තෙදින පුරා රුවන්වැලි මහ සෑය අභියස පැවැත් විමට නියමිතව තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!