Gossip News

සිංහල ඉගෙන ගන්න ගමන් බියර්වලින් පදම් වූ සිසුවියෝ

මැදවච්චිය ප‍්‍රධාන පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගැහැණු ළමයි තුන් දෙනකුගෙන් යුතු කණ්ඩායමක් මත්පැන් පානය කරමින්, මැදවච්චිය පන්සලේ පවත්වනු ලබන සිංහල පන්තියට සහභාගි වෙමින් සිටියදී පසුගියදා මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැදවච්චිය පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම ඉකුත් 12 දා සිදුකර ඇත. මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ මැදවච්චිය නගරය අවට පදිංචි සිසුවියන් පිරිසකි. මෙම සිසුවියන් පානීය ජල බෝතල් උපයෝගි කර ගනිමින් ජලය රැුගෙන එන ආකාරයෙන් බියර් වර්ගයේ මත්පැන් පන්සලේ පැවති පුද්ගලික සිංහල පංතිය වෙත රැුගෙන විත් පානය කර ඇත.
දීර්ඝ කාලයක සිට මෙම සිසුවියන් මත්පැන්වලට හුරු වී ඇති බවත්, සිසුවියන් සඳහා මත්පැන් ගෙනැවිත් දී ඇත්තේ කළු වර්ණයේ කාර් රථයකින් පැමිණෙන පුද්ගලයකු බවත් මූලික පරීක්ෂණවලින් හෙළිව ඇති බවයි වාර්තා වුණේ.
සිසුවියන් සඳහා මත්පැන් ලබාදී ඇති කළු වර්ණයේ කාර් රථය සහ පුද්ගලයා සොයා පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!