Gossip

“සැමියෙක් විදියට නම් කසාද බඳින්න නුසුදුසු කෙනෙක් – මාව නම් එයාට නැතිවම බැරි වැඩ ටික කරගන්න කෙනෙක් නැති නිසා” – රංගන ශිල්පී කුමාර තිරිමදුරගේ බිරිඳ කියපු කතාව

කුමාර තිරිමාදුර කියන්නේ හැමෝගෙම ආදරේ ලබන කලාකරුවෙක්. ඔහුගේ රංගන හැකියාවට බොහෝ දෙනා ආදරේ කරන්නේ රංගන හැකියාව උපරිමයෙන් පෙන්වන නිසයි. සිනමාව, පුංචිතිරයට වගේම වේදිකාවටත් නැතිවම බැරි කුමාර ගැන ඔහුගේ ආදරණිය බිරිද කියන්නේ මේ විදිහටයි.

ඔබයි කුමාරයි මුණගැහුණේ කොහොමද..?
අපි විනෝද චාරිකාවක් යනකොට තමයි මුණගැහුණෙ.

මුණගැහෙනකොට කුමාර කොයි වගේ කෙනෙක්ද..?
පළමුවැනි දවසෙ නම් තේරුණෙ නැහැ මොන වගේ චරිතයක්ද කියලා. පෙනුමෙන් නම් හිතුවේ හරිම අහිංසක, විචාරශීලී බුද්ධියක් තියෙන කෙනෙක් වගේ. කතා කරද්දිත් හරි පරිණත ස්වභාවයක් දැනුණා.

පෙම්වතා කාලේ…?
ගොඩක් හොඳයි. සාමාන්‍ය පිරිමි ළමයින්ට වඩා හරිම ගුණගරුකයි. ඒ වගේම අහිංසකයි.

සැමියෙක් විදියට ඔහු…?
සැමියෙක් විදියට නම් කවදාවත් කසාද බඳින්න නුසුදුසු කෙනෙක්.

ඇයි ඒ…?
එයා තනිකරම කලාකරුවෙක්නෙ. ඉතිං එයාලට පවුල් ජීවිත ගත කරන්න අමාරුයි. උදේ වැඩට ගිහින් හවස ගෙදර එන සැමියකුගෙ සහ කලාකරුවකු අතර ලොකු වෙනසක් තියෙනවා. එයාලා අතින් ගෙදර වැඩ කිසිම දෙයක් කෙරෙන්නේ නැහැ. එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. මම තනියමයි දරුවන්ගෙ වැඩ ගෙදර වැඩ හැම දෙයක්ම කරගන්නෙ ඉතින්.

ඒ කියන්නේ නළු භූමිකාවේ හිරවුණු ඔහුට පවුල සහ ඔබව මඟහැරෙනවා ඇති?
ගොඩක් මඟහැරෙනවා. ඔහු දැන් පිටපත් ලියනවා. සින්දු කියනවා. ඉතින් ඒ වැඩත් එක්ක පවුලෙ වැඩවලට කාලය යොදවන්න අමාරුයි. නිතරම වේදිකා නාට්‍යවලටත් යනවනෙ.

ජනප්‍රිය වෙන්න කලින් චරිතය?
මාත් එක්ක කඩේ යන්න, පොළට යන්න හැමදේටම එනවා. දැනුත් එනවා. නමුත් එහෙම එන්න තියෙන කාලය අඩුයි.

ජනප්‍රියත්වයෙන් පසු…?
ඕන කෙනෙක් එක්ක කතා කරනවා. ජනප්‍රියයි කියලා ඔළුව ඉදිමුවාගෙන ඉන්න චරිතයක් නෙවෙයි.

ඒ ජනප්‍රියත්වය ඔබට බලපාපු විදිය?
රෝහලකට ගියත් අපිට ඉක්මනට දෙයක් කරලා දෙනවා. එයාගෙ වටිනාකමට අපිට යමක් ලැබෙනවා.

ඔහුගෙ ජීවිතයෙ මඟහැරුණු දේවල්…?
එයා එයාගේ ජීවිතේ හැම දෙයක්ම වගේ කරගත්තා. ඉතින් එයාගේ ජීවිතේ මඟහැරුණු දේවල් නැහැ.

කුමාර කියන්නේ වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද..?
ගෙදරක වගකීම් නම් කිසිම දෙයක් දරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. නමුත් කලා ජීවිතයේ නම් ඕනම වගකීමක් දරයි. ගෙයක්, ‍ෙදාරක්, ළමයෙක් නම් එයාට බලාගන්න අමාරුයි.

සාමාන්‍ය ජීවිතයේ මොන වගේ චරිතයක්ද..?
ගොඩක් නිදහසේ ඉන්න කැමැතියි.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට ද සීරියස් විදියටද හිතන්නෙ..?
දෙයක් සීරියස් විදියට නම් හිතන්නෙම නැහැ. නිතරම “බය වෙන්නෙ නැතිව ඉන්න හැමදේම හොඳින් වෙයි” කියනවා. ඒ තමයි එයාගේ හැටි.

ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවද..?
ඔව්. අපි දෙන්නම සතුටු වෙනවා. එයාට අවශ්‍ය හැම අරමුණක්ම එයා ඉටු කරගත්තා.

දුක හිතුණම ඔහු…?
අඬනවා. එයා හරිම සංවේදියි.

ලොකු සතුටක් දැනුණම..?
එහෙම ලොකුවට සතුටු වෙන්නෙ නැහැ. මොකද ජීවිතය හොඳට තේරුම් අරන් ඉන්නෙ. මධ්‍යස්ථ සිතින් හැමදේම තේරුම් ගන්නවා.

ගොඩක් තරහා ගියාම..?
ඉඳලා හිටලා තමයි එයාට තරහා යන්නෙ. ඒත් එහෙම ලොකුවට තරහා යන්නේ නැහැ.

වැඩිපුර යන්න කැමැති තැන්..?
නුවරඑළිය පැත්තට, ඒ වගේම මුහුදු වෙරළට යන්න ආසයි.

ඔහු වැඩිපුරම ආදරේ කාටද..?
දරුවො දෙන්නට ගොඩක් ආදරෙයි. මට, මවුපියන්ට හරිම ආදරෙයි. සහෝදර සහෝදරියන්ටත් ආදරෙයි. හැමෝටම හරිම ආදරෙයි ඉතින්.

ඔහුට නැතිවම බැරි අය…?
ඒක නම් දන්නෑ. මාව නම් එයාට නැතිවම බැරි වැඩ ටික කරගන්න කෙනෙක් නැති නිසා. එයාගෙ දුවලා දෙන්න බලාගන්න, උයන්න පිහන්න, එයාගෙ බඩු ටික හොයලා දෙන්න තමයි මාව ඕනෙ. හැබැයි දරුවො දෙන්න නැතිවම බැහැ.

මොන වගේ විලාසිතාවලටද කැමැති…?
ලස්සනට ඇඳලා යන්න කැමැතියි. අපි තමයි එයාව ලස්සනට අන්දලා යවන්නෙ ඉතින්.

ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය?
එයයි සරත් කොතලාවල අයියයි පිටපතක් ලිව්වා. ඒ දෙන්නමයි ප්‍රධාන චරිත දෙක රඟපාන්නෙත්. චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළෙත් ඒ දෙන්නමයි. ඒ ගැන සතුටුයි.

ඔහු ගැන අහන්න ලැබුණ නරකම ආරංචිය?
එයා ගැන නම් එහෙම දෙයක් ආරංචි වෙලා නැහැ.

නරක ආරංචියක් ආවොත්?
ඒ අවස්ථානුකූලව බලනවා. ඒ ගැන සර්ව සාධාරණව හොයලා බලනවා.

ඔහු ජීවිතයේ වැඩිපුරම සතුටු වුණු දවස?
අපේ මුල්ම දුව හම්බුණු දවසෙ ගොඩක් සතුටු වුණා.

ජීවිතයේ ජයගත්ත දේවල්?
එයා ඉස්සර ඉඳන්ම කියනවා බිරිය විදියට මාව ලැබිච්ච එක හරිම සතුටක්ලු.

විනෝදාංශ?
චිත්‍රපට බලන්න හරිම ආසයි.

ඔහුට ගැළපෙන නිළිය?
සේමිණි ඉද්දමල්ගොඩ

ඔහු ගැන අපි නොදන්න රහස්?
එයා වාහන පදින්න කැමැති නැහැ. අඩුම තරමේ බයිසිකලයක් පදින්නවත් කැමැති නැහැ. පොඩි කාලෙත් ස්ටුඩියෝ එකට ගියාම වාහනයක තියලා නම් ෆොටෝ ගන්න බැහැලු.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!