Gossip

සැමියා පොළට ගිය අතරේ හොර සැමියා ගෙට රිංගලා – දෙදෙනාම අත්අඩංගුවට

නිවසකට රිංගූ අනියම් සැමියාට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල සැමියා පෙරේදා (30) දින අත්අඩංගුවට ගත්බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අනියම් සැමියා හා නීත්‍යානුකූල සැමියා යක්කලමුල්ල, බඩකැටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. දෙදරු මවගේ වයස අවුරුදු 40 කි. සැමියා සතිපොළට ගොස් සිටියදී මෙකී කාන්තාවගේ අනියම් සැමියා නිවසට පැමිණ ඇත. එම අවස්ථාවේ මෙකී කාන්තාවගේ දියණියක්ද නිවසේ සිට ඇති අතර ඒ සමග ඇයගේ නීත්‍යානුකූල සැමියා නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි. පසුව අනියම් සැමියා සිය යතුරුපැදිය දමා දිවගොස් ඇත. නීත්‍යානුකූල සැමියා මොහු පසුපස එළවාගෙන ගොස් පහරදී තුවාල සිදුකොට ඇත. දෙදරු මවට ලිංගික අතවර කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අනියම් සැමියා හා අනියම් සැමියාට පහරදීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල සැමියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් මෙම පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 45 හා 46 වැනි වියේ පසුවෙති. මොවුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!