Gossip

සැමියාගෙන් ලක්ෂ 34ක් ගන්න බිරිඳ දරුවාව උස්සලා – වවුනියාවෙන් ඇසුණු අමුතු කතාව මෙන්න

සිය සැමියාගෙන් රුපියල් ලක්‍ෂ තිස් පහක කප්පම් මුදලක් ලබා ගැනීම සඳහා තම දරුවා වෙනත් පිරිසක් ලවා පැහැර ගැනීමට ලක්කළ කාන්තාවක් පිළිබඳව වවුනියාව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා.

වයස අවුරුදු 08ක් වයසැති ටී. තමිලවන් නමැති දරුවා පසුගිය 6 වැනි දා සවස කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් රුපියල් ලක්‍ෂ 35 ක මුදලක් ඉල්ලා සිටින බවට දරුවාගේ මව විසින් පසුගිය 7 වැනිදා පුලියන්කුලම පොලිසියට පැමිණ පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ පැමිණිල්ලට අනුව වවුනියාව පුලියන්කුලම පොලිසිය විසින් අදාළ කප්පම් මුදල් ඉල්ලූ බවට සැකකරන දුරකථන අංක ඔස්සේ සිදුකරන ලද පරීක්‍ෂණවලදී පැහැර ගැනුණු දරුවා වව්නියා ඕමන්ත ප‍්‍රදේශයේ පාසල් මාර්ගයක පිහිටි නිවසක සඟවා සිටියදී සොයා ගැණුනා.

එම අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු හා යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව මවගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී ඇය බියට පත්වී කප්පම් ඉල්ලීම සඳහා කළ සැලසුම සම්බන්ධයෙන් පොලිසියට පාපොච්චාරණයක් කොට තිබෙනවා.

අදාළ කප්පම් මුදල ලබා ගැනීම සඳහා ඇය සිය සහෝදරයකු හා වෙනත් ඥාතියෙකු යොදවා ගෙන ඇති අතර මේ සැලසුම ක‍්‍රියාත්මක කළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදේශයක රැකියාවක් කරන අතර පවුල් ආරවුලක් මත ඔහු අදාළ කාන්තාවට කිසිම මුදලක් නො එවන නිසාත් ඇය විශාල මුදලක් විවිධ ආයතන හා බැංකුවලින් ණයට ලබාගෙන සිටින නිසාත් මෙම සැලසුම ක‍්‍රියාත්මක කොට ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

කෙසේවෙතත් අදාළ කාන්තාව සහ තවත් දෙදෙනෙකු වවුනියාව පුලියන්කුලම පොලිසිය විසින් පසුගිය 9වනදා සවස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වවුනියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පුලියන්කුලම පොලිසිය පියවර ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!