Gossip News

සා.පෙළ හෙට සිට

අ.පො.ස. (සා.පෙළ) විභාගය හෙටින් (2 දා)ආරම්භ වෙයි. මෙවර අපේක්ෂකයන් 717,008 ක සංඛ්‍යාවක් විභාගය සඳහා පෙනී සිටින අතර පාසල් අයදුම්කරුවන් 433,050ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 283,958ක් මෙවර විභාගයට පෙනී සිටී. ‍මධ්‍යස්ථාන 4,987ක් හා සම්බ­න්ධීකරණ මධ්‍යස්ථාන 541ක් ඒ සඳහා සූදානම් කර ඇත.

සියලු අයදුම්කරුවන්ගෙන් විභාගය ආරම්භ වීමට පැය භාගයකටවත් පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක්ද කර ඇත. තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැති අපේක්ෂකයින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද ඡායාරූප සහිත පෞද්ගලික දත්ත පත්‍රිකාව ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උපුටා ගැනීම – සිළුමිණ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!