Gossip News

සාරි අස්සේ හංගන් ආව එක්කොටි හත් ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය මාට්ටු වුණු හැටි මෙන්න..

රුපියල් එක් කෝටි හත් ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ, ඒවා මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(04) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසනවා.

මොහු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිතර වාණිජමය භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන 53 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක් වන අතර
ඔහු අද දින අලුයම 1.50 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී-001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මත්ද්‍රව්‍ය තොගයක පාර්සල් ලෙස සකස් කර ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලක වූ සාරි අතර අලවා ගෙන සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබෙනවා.එහි කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 70 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ සමන් රණවන මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජේ.සී.මුරගේ, සහකාර රේගු අධිකාරීවරුන් වන එස්.පී.එම්.ආර්.සිල්වා ,ඩබ්ලිව්.එන්.ඩී.සී.වේලාරත්න, කේ.පී.එස්.සමරසේකර සහ ඩී.එම්.බී.සී.දිසානායක යන මහත්වරුන් විසින් සිදු කරන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!