Gossip

ස්වාමියා නැතුව සලී දුකෙන් -අමෙරිකානු හිටපු ජනපති බුෂ්ගේ සුරතලා “සලී” සියල්ලන්ම හඬවයි

අමෙරිකාවේ 41 වන ජනාධිපතිවරයා වූ ජොජ් එච් ඩබ්ලිව් බුෂ් පසුගියදා අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට ඔහු 94 වන වියේ පසුවුණා.

ඉතින් ජොජ් එච් ඩබ්ලිව් බුෂ්ගේ හමුදා සුනඛයා ගැන මේ වෙද්දි අලුත් කතාබහක් විදෙස් මාධ්‍යයන් තුළ පළවෙලා තිබෙනවා.

ලැබ්‍රඩෝර් වර්ගයේ එම සුනඛයාගේ නම සලී යි.

ඉතින් ජොජ් එච් ඩබ්ලිව් බුෂ්ට සමුදිය නොහැකිව සලී ඔහුගේ දෙණ අසල වැතිරිලා නිදා සිටින අයුරු විදෙස් මාධ්‍යයන්හි පළවී තිබුණා.

අවසානයේ මේ සතියේ බුෂ්ගේ දෙණ, ටෙක්සාසයේ සිට වොෂින්ටනය දක්වාත් එතැන් සිට නැවත ටෙක්සාසය දක්වාත් ගෙන යන විට එයට තනි රකින්නේ සලී යි. මෙලොව අවසන් වතාවට ද සිය ස්වාමියාව කැටුව යන්නේ ඔහු යි.

සිය ස්වාමියා වෙත අවසන් යුතුකම ද ඉටු කිරීමෙන් පසුව සලීගේ ඉරණම කුමක් වනු ඇතිද? ඔහුට අලුත් භූමිකාවක් ලබාදීමට නියමිත ය. ඒ අනුව සලී තුවාළ වුණු සොල්දාදුවන්ට උදව් කරන මිතුරෙකු බවට අනාගතයේදී පත්වනු ඇත.

සලීට තමන්ගේම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් ද තිබේ. එහි නම, sullyhwbush ය. එය කොතරම් ආදරණීය නමක් ද යත්, සලී යනු සුනඛයෙකු යැයි නොදන්නා අය, මේ නමින් හැඳින්වෙන්නේ ඇමරිකානු ජනපතිගේ පුතෙකු යැයි සිතන්නට පවා ඉඩ තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!