Gossip News

ස්ත්‍රී/පුරුෂ විශේෂත්වයක් නෑ – උච්ඡාරණයේදී පහසු විය යුතුයි – සුළි කුණාටුවලට නම් දාන්න ඔබටත් අවස්ථාවක්

උතුරු ඉන්දීය සාගරයේ සිට හටගන්නා සුළි කුණාටු වලට නම් යෙදීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මහජනතාවගෙන් නම් කැඳවීමට කටයුතු කර තිබෙනවා.

එම නම් ඉදිරිපත් කිරීමේදී සැළකිළිමත් විය යුතු කරුණු කිහිපයක්ද දන්වා තිබෙනවා. එම කරුණු පහතින්.

01 යම් දේශපාලන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතික වැනි දෑ ඉලක්ක නොකල යුතු අතර ඒවාට හානි නොවිය යුතුය.

02 ස්ත්‍රී/පුරුෂ විශේෂත්වයක් නොමැත.

03 ලෝකයේ ඇති කුමන හෝ ජන කොටසකගේ මනෝභාවයන්ට හානි නොවිය යුතුය

04 රළු හෝ කෘර හෝ ස්වාභායක් නොගත යුතුය

05 උච්ඡාරණයේදී පහසු විය යුතු අතර එම නම් ඉංග්‍රීසි බසින් ලිවීමේදී උපරිම අකුරු 8කට සීමා විය යුතුය.

ඒ අනුව ඔබ යෝජනා කරන නම් ජුනි මස 15 වනදාට පෙර අධ්‍යක්ෂ ජනරාල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට එවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!