Gossip

“සල්ලි නොදෙද්දී එයා මට සලකන විදිහ පවා වෙනස්වෙන්න ගත්තා, මාව පහත් කරලා සැලකුවා” – මිසිස් වර්ල්ඩ්වයිඩ් කිරුළ ලංකාවට ගේන්න ගිය ටානියාට අත්වුණු ඉරණම

ටානියා මෙලීසා ගුණතිලක මෙවර මිසිස් වර්ල්ඩ් Mrs.World wide Sri Lanka 2018 කිරුළ ලෙස කිරුළ පලඳන ඇය තම මව් රට නියෝජනය කිරීම සඳහා පසුගියදා සිංගප්පූරුව ගියා.
මෙම තරඟය අවසන් වීමටත් පෙර ඇය නැවතත් ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ එම තරඟයේ ජය මුදල් මත ලන්සු තැබීම නිසා.
මෙම කිරුළ ලබාගන්න ලංකාව නියෝජනය කළ ටානියා මෙම තරඟාවලියේදී සිදු වූ අසාධාරණය ගැන මේ විදිහට හඬ අවදි කර තිබුණා.

මේ රූ රැජින තරඟය සඳහා කොහොමද ඔබ සහභාගී වෙන්නේ?
මලිත් රණසිංහ මට දුරකථන ඇමතුමක් දීලා කිව්වා මෙවැනි පැජන්ට් එකක් තියෙනවා මිසිස් වර්ල්ඩ්වයිඩ් කියලා ඒකට යන්න පුළුවන්ද කියලා.
මම මුලින්ම ගණන් ගත්තේ නැහැ ඒත් මලිත් දිගින් දිගම කතා කළා. මම මෙවැනි තරඟවලට සහභාගී වුනේ නැහැ මොකද ඒ තරඟ ගැන මට විශ්වාසයක් තිබුණේ නැහැ.

ඇයි මේ කිරුළ සඳහා වැඩි ප්‍රචාරයක් නොලැබුණේ?
මේ තරඟට සඳහා ලංකාවෙන් නොමිනේට් කරලයි යවන්නේ මාව තමයි මලිත් ලංකාවෙන් යවන්න තීරණය කළේ.

රූ රැජින තරඟ සඳහා කිසි විශ්වාසයකක් නැත්නම් ඇයි මේ තරගය සඳහා ලංකාව නියෝජනය කරන්න හිතුවේ?
මට මලිත් කීවා මේ පැජන්ට් එක ගොඩක් හොඳයි මේ පැජන්ට් එක සංවිධානය කරන කාන්තාවත් හොඳ කෙනෙක් කියලා. මම මේ තරඟය ගැන හොයලා බලද්දී මට හිතුණා පිළිගැනීමක් තියෙන තරඟයක් කියලා.

තරඟ කරන අනෙක් තරගවලින් ටානියාට අවස්ථාව නැතිවෙයි කියන බය නිසාද මෙවැනි නොමිනේට් තරගයකට සහභාගී වුණේ?
එහෙම දෙයක් නැහැ. මට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා තරඟයක් සඳහා තරගවඳින්න ඒ විශ්වාසයත් එක්ක තමයි මම අපේ රටට ජයග්‍රහණයක් ලබාගන්නවා කියන චේතනාවෙන් මේ තරගෙට ගියේ මම හැමදේටම හොඳට ලෑස්ති වුණා. පුදුම විශ්වාසයකින් මම මේ තරඟගෙට ගියේ

කවදද මේ තරඟය පවත්වන්න තීරණය කරලා තිබුණේ
ජූනී 24 සිංගප්පූරුවේ තමයි මේ තරඟය පවත්වන්න තීරණය කරලා තිබුණේ ලංකාවේ මම පිටත් වුණේ 20 වෙනිදා මිසිස් වර්ල්ඩ් වයිඩ් 2018 කියන තරගෙට රටවල් 25 ක තරඟකාරීයන් සහභාගි වුණා

ඇයි මේ තරඟය නියෝජනය කරන්න ගිහින් හදිසියේ ලංකාවේ එන්නේ
මම තරඟයට සහභාගී වෙන්න කලින් ඒ තරඟය සංවිධානය කරපු කාන්තාව මට මැසේජ් එකක් එව්වා ලක්ෂ දෙකයි හැත්තෑ පහක් ලෑස්තිද කියලා ඇහුවා විශේෂ කිරුළකට එයා මගේ රටේ නැෂනල් ඩිරෙක්ටර් එක්ක ඒ ගැන කතා කරලා තියෙන්නේ කියලා කිව්වා.
එතනදි වුණ දේවල් එක්ක මට ලංකාවට එන්න හිතුණා

ඇයි එහෙම සල්ලි ඒ ක්‍රවුන් එකට ඉල්ලද්දි ඔබ මේ තරගෙට සහභාගීවෙන්න තීරණය කළේ?
විශේෂ ක්‍රවුන් එකටනේ එහෙම සල්ලි ඉල්ලුවේ ඒ නිසා මේ තරගෙට යන්න ඕන කියලා ඒ වෙනකොට මම හැම දේකටම ලෑස්තිවෙලා හිටියේ

ලක්ෂ දෙකහමාරට අමතරව ටානියාගෙන් මුදල් ඉල්ලුවද?
මලිත් මගෙන් ලක්ෂ පහක මුදලක් ඉල්ලගත්තා මට යන වියදම්වලට කියලා. මම ඒ මුදල ඔහුට දුන්නා. අනේක රටවල තරඟකාරියන් මුණගැහුනම ඔවුන්ගෙන් ඇහැව්වම ඔවුන් මට කීවා ඔවුන් මේ තරගෙට සහභාගීවෙන්න මුදල් වියදම් කළේ නැහැ ඔවුන්ට ටිකට් එක පවා ලැබුණා කියලා. ඒ රටවල තමන්ගේ රට නියෝජනය කරන කෙනාට අනුග්‍රාහකයෙක් හොයාගන්න බැහැ

සල්ලි නොදුන්න නිසාද ඔබ ඒ තරගෙට දිගටම සහභාගී නොවන්නේ?
මට තිබුණා සල්ලි දීලා ඒ ක්‍රවුන් එක ගන්න ඒත් මට එහෙම අවශ්‍යතාවක් තිබුණේ නැහැ ඒ සල්ලි නොදෙද්දී එයා මට සලකන විදිහ පවා වෙනස්වෙන්න ගත්තා මගේ රට නියෝජනය කරන්න සුදානම් කරගත්ත ඇඳුමට එයා අපහාස කළා හිනාවුණා මාව පහත් කරලා සැලකුවා මම එක දවසක් තරඟ කරන්න සහභාගී වුණේ නැහැ මම හිතුවේ සල්ලි ඉල්ලපු නිසා මට එහෙම නිකන් හිතෙනවා කියලා ඒත් හිත හදාගෙන මම නැවතත් තරඟ කරන්න ගියත් ඒ කාන්තාව මට අපහාස වන විදිහටයි හැසිරුණේ ඉතින් මම ඒ තරගෙන් ඉවත් වුණා මෙයාට සල්ලි නොදී තරඟයට ගියොත් මාව විහිළුවකට ගනීවි මගේ රටට අපහස කරාවී කියලා මම ඒ තරඟයෙන් ඉවත් වුනා.

ඒ තරගකාරියන් දැක්කහම ටානියාගේ ආත්ම විශ්වාවාසය නැති වුණාද? මේ තරඟයේ ටානියාට අන්තිම තරඟකාරීන් අතරට වත් තේරී පත්වෙන්න බැරිවෙයි කියලා එහෙම ආත්ම විශ්වාසය නැති වුණේ නැහැ මට ආත්ම විශ්වාසයක් ඇතිවුණා මට අපේ රටට කීර්තියක් ගෙන්න පුළුවන් කියලා ඒ දේ අර ගෑනු කෙනා මලිත්ටත් කියලා තිබුණා ඔයාගේ රටේ කෙනාට හැම සුදසුකමක්ම තියනවා කියලා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!