Gossip

සරත් ෆොන්සේකා වෙනුවෙන් අමාත්‍ය ධූරය අත්හැරීමට අර්ජුන සූදානම්?

නීතිය හා සාමය අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට ලබාදීමට, තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්ව කැප කිරීමක් සිදු කිරීමට සූදානම් බව අමාත්‍ය අර්ජුන රණතුංග තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ (29) රැස්වූ ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේදී බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහන් කර තිබුණේ මෙලෙසයි.

“ඔබ අපිට ආඩම්බරයකි……. අමාත්‍ය මණ්ඩලයේ ඇමති දුර සීමාව 30 ක් බැවින් සරත් ෆොන්සේකා ඇමතිතුමා නීතිය හා සාමය ඇමතිවරයා ලෙස පත්කිරීමට නම් එක ඇමතිවරයෙක් ඉවත් විය යුතුයි. අර්ජුන රණතුංග ඇමතිතුමා ඒ සදහා ඉවත් වීමට අද දින රැස්වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කන්ඩායමේදී තීරණය කරයි. අවශ්‍ය වේලාවේදී තමන්ගේ ඇමති දුරය අවශ්‍යම මොහොතේ ම පරිත්‍යාග කල ඔහුට ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!