Gossip

“සමාජය විසින් කොන් කරපු, මේ වගේ නිළිකම විකුණගෙන කන ගෑණු පයින් ගහලා එළවලා දාන්න ඕන – මං කිසිකෙනෙකුට බය නෑ” -විශ්ව ලංකා සියල්ලටම පිළිතුරු දෙයි – Exclusive

විශ්ව ලංකා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්… ඒ වගේම තමයි කවුරුත් ආදරය කරන නිවේදකයෙක්.

ඉතින් මේ දිනවල විශ්ව ගැන අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ඒ විශ්ව දාපු Fb Post එකකට පියුමි හංසමාලි යොමු කළ සටහනක් නිසායි.

කෙසේවෙතත් මේ ගැටුම මේ වෙද්දි ගොඩක් දෙනෙක් අතරට ගිහින්.

ඒ නිසා අපි මේ කතාව ගැන අහන්න විශ්ව ලංකා සම්බන්ධ කරගත්තා.

ඔහු කිව්වේ මෙවන් කතාවක්.

මම ඒක කිසිම කෙනෙක් ඉලක්ක කරගෙන දාපු post එකක් නෙවෙයි. ඒක fb එකේ share වුණා. මම එහෙමම ඒක share කළා. හැබැයි කෙනෙක් ඒක අදාළ නැති විදියට තොප්පිය දාගෙන තියෙනවා. නමුත් මට ඒක අදාළ නැති නිසා මම ඒක ගණන් ගත්තේ නැහැ. ඒත් මගේ බිරිඳට යම් චෝදනාවක් කරලා තිබ්බා. මගේ බිරිඳ කවුද කියන්න මේ ලංකාවේ ඉන්න සියලු දෙනා දන්නවා. මාත් එක්ක වැඩ කරන අයත් එයාව දන්නවා. අද මම යම් තැනක ඉන්නවානම් ඒ ඉන්නෙත් මගේ බිරිඳට පිං සිද්ධ වෙන්න. මම ඒක ඕන තැනක කියනවා. මගේ බිරිඳට විවිධ දේවල් කිව්ව එක තමයි මට ගොඩක්ම ඉවසගන්න බැරිව ගියේ. ඒ හින්දා තමයි මම fb එකේ දැම්මේ “අපේ රටේ නිළියෝ දිහා හැමෝම බලන්නේ අද ගණිකාවෝ දිහා බලනවා වගේ. ඒකට හේතුව තමයි මේ වගේ 3rd class අය… මේ අය මේ කලාවෙන් එලවලා දාන්න ඕන” කියලා.

හැබැයි ඉතින් මම මේක මෙහෙම දැම්මේ පොදුවේ. මේ වෙද්දි අදාළ අය ඒ තොප්පිය දාගෙන තියෙනවා. නැවතත් මට මේ ගැන කියන්න තියෙන්නේ මම කිසිම දෙයක් කාවවත් ඉලක්ක කරගෙන කිව්වේ නෑ.

කොහොමවුනත් මම දැනුත් මම කිව්ව මතයේ ඉන්නවා. අපේ රටේ කලාවට අගෞරවයක් එකතු කරන්න යන මේ වගේ නූගත් , සමාජය විසින් කොන් කරපු, සමාජය විසින් අයින් කරලා දාලා තියෙන මේ වගේ නිළිකම විකුණගෙන කන ගෑණූ පයින් ගහලා එළවලා දාන්න ඕන. ඒ මතයේ මම දැනුත් ඉන්නවා.

ඒවගේම තමයි අපේ රටේ දේශපාලඥයා කියන චරිතය සම්පූර්ණයෙන්ම මේ වෙද්දි ප්‍රතික්ෂේප වෙලා තියෙන චරිතයක්. ඉතින් එහෙම දේශපාලඥයෝ ගාව දෙකට තුනට නැවෙන කලාකරුවෝ ඉන්නවා. ඒ අයත් මේකෙන් එළවන්න ඕන. එතකොට තමයි අපේ රටේ කලාවට ගරුත්වයක් හැදෙන්නේ. මේක ඇත්තටම ගෞරවනීය විෂයක්. මිනිස්සු ගොඩක් ආදරෙයි මේ කලාවට. හැබැයි කලාකරුවන්ම විසින් මේ ගෞරවනීයත්වය නැති කරගෙන තියෙනවා.
ඉතින් කලාව වෙනුවෙන් කලාව ගොඩගන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනම වෙලාවක මං බය නෑ. ඒකට හේතුව ලංකාවේ සියලුම සහෝදර සහෝදරියෝ, ප්‍රේක්ෂකයෝ මේ වෙලාවේ මගෙත් එක්ක එකට හිටගෙන ඉන්නවා. ඒ හින්දා මං කිසිකෙනෙකුට බය නෑ. ඒ ශක්තිය මට තියෙනවා.

ඒ නිසා ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ වගේ දෙයක් වෙනුවෙන් කාලය වෙන් කරන එකත් වැඩක් නෑ කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!