Gossip

සංගා, ආදරණීය බිරිඳ යෙහාළි වෙනුවෙන් පිළිගැන්වූ ලක්ෂ 38 අතුරුපස ගැන සූපවේදී විරාජ් සියල්ල හෙළි කරයි – Photos

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමර සංගක්කාර සිය බිරිඳ වෙනුවෙන් පිළිගැන්වූ අතුරුපස ගැන හැමෝම වගේ කතාවුණා.
ඒකට හේතුවුණේ එම අතුරුපසට ලක්ෂ 38 ක් වියදම් කර තිබීම.
කොහොම වුණත් මේ අතුරුපස නිර්මාණය කරන්න හේතුවෙලා තියෙන්නේ සංචාරක ආකර්ෂණය ලංකාව වෙත යොමුකරගන්න කියලයි පසුව වාර්තා වුණේ.
නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ විධායක සූපවේදී විරාජ් ජයරත්නගේ සූපවේදී දිවියට අවුරුදු 25 ක් පිරීම නිමිත්තෙනුයි මෙය සකස් කර තිබුණේ.
මෙම අතුරුපසේ වියදම ග්‍රෑන්ඩ් හෝටලය විසින් දරා තිබූ බවයි සූපවේදී විරාජ් කියලා තිබුණේ.
ඒ ගැන ඔහු පවසා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

“ලෝකෙ ගොඩක් වටින අතුරුපස හදලා තියෙනවා. ඒත් කලාත්මක විදියට වටිනාකමෙන් වැඩි අතුරුපසක් නිර්මාණය කරන්න කාටවත් බැරිවෙලා තිබුණා.
ඉතිං මගේ සූපවේදී වෘත්තීය ජීවිතයට වසර 25ක් ගවෛද්දී කිසියම් වෙනස් දෙයක් කරන්න මට හිතුනා.
ඒ නිසා මෙම නිර්මාණය ආහාරමය වශයෙනුත් ඉතා අධික මිල ගණන්වලින් යුතු ද්‍රව්‍ය යොදමින් භෞතික පෙනුමටත් වටිනාම ද්‍රව්‍ය යොදමින් වටිනාකම් දෙකක් සහිතව නිර්මාණය කළා.
ලොව මිල අධිකම මැඩගස්කර් චොක්ලට් විශේෂයත්, ලෝකෙ තියෙන මිල අධිකම ෂැම්පේන් ඇසුරින් සෑදූ අයිස්ක්‍රීම් එකක්, ස්පාඤ්ඤයෙන් ගෙන්වූ, ලොව මිල අධිකම සෝස් විශේෂයක් ඇතුළත්ව මෙහි ආහාරමය කොටස නිර්මාණය කර තිබෙනවා.
ඒ වගේම මේ අතුරුපසේ කලාත්මක අගය වැඩි කිරීමට අතුරුපස පිළිගන්වන පිඟානේ චොක්ලට්වලින්, නුවර පෙරහර ඇඳ තිබෙනවා.
එය ඇල්පෙනෙති තුඩකින් කළ ඉතා සියුම් නිර්මාණයක්. එහි නැට්ටුවෝ දෙදනෙක් සහ බෙරකාරයෝ දෙදෙනෙක් ප්‍රදර්ශනය වෙනවා.
නිර්මාණයේ කලාත්මක අගය ඉන් නතර වන්නේ නැත. අයිසින් සීනි භාවිතයෙන් ආහාරයට ගත හැකි පරිදි නිර්මාණය කළ හස්තීන් සිවු දෙනකු මත අතුරුපස පිඟානක තබා තිබේ.
එහි මල්කම්, ලියකම් මෝස්තරද නිර්මාණය කර ඇත්තේ අයිසින් සීනි භාවිතයෙනි. මේ නිර්මාණය යන්ත්‍රයක් භාවිත නොකර දින ගණනක් තිස්සේ අතින්ම කරන ලද සියුම් උත්සාහයක ප්‍රතිඵලයක් බව පෙනේ. ලොව අති දුර්ලභ කැරට් 24 රත්රන් සහ රිදී ආහාරයට ගැනීමට සුදසු පරිදි සියුම් ලෙස සකසා මෙම නිර්මාණයට යොදා තිබේ.
ලංකාවට සංචාරක ආකර්ෂණය රඳවා ගනු වස් ‘නෙළුම් කුලුන’ වැනි සංකල්පයක් ලොවට ගෙන යන්නටද මෙම අතුරුපස තුළින් එහි සංකල්පධාරී විරාජ් ජයරත්න කටයුතු කර තිබේ. අයිසින් සීනි භාවිතයෙන් නිර්මාණය කළ නෙළුම් කුලුනේ අනුරුව මත වූ නෙළුම් මලෙහි තැන්පත් කර ඇත්තේ ලොව මිල අධිකම ස්වාභාවික ‘බ්ලූ සැෆයර්’ වර්ගයේ මැණිකකි. එහි වටිනාකම රු. ලක්ෂ 30 ඉක්මවන බව කියවේ. කිසියම් පුද්ගලයෙකු මෙම නිර්මාණාත්මක අතුරුපස මිලට ගන්නේ නම් එම මැණිකද, එහි සැකසුම් කොටස් සියල්ලද ඔහුට හිමිවේ.
මේකෙ සංකල්පය “Marry Me” කියලා යොදා ගැනීම තුළ අපි බලා‍පොරොත්තු වුණේ පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක්ට හෝ ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක්ට මේක ත්‍යාගයක් වශයෙන් දෙන්නත් පුළුවන්
මේ අතුරුපස ගිනස් ලෝක වාර්තාවක් අයැදුම් කිරීමට අවශ්‍ය වුණත් නියමිත දිනට ඒ සඳහා කටයුතු සූදානම් කර ගැනීම අපහසු වුණා. ඒත් නුදුරේදීම ඒ සඳහා කටයුතු කිරීමට අපි සූදානම්.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!