Gossip

“සංගක්කාර වගේ ගුණතිලකත් අපිට අභියෝගයක්” – පාකිස්තාන් පුහුණුකරු මිස්බා උල් හක්

පසුගිය කාලයේ පාකිස්තානයට කුමාර් සංගක්කාර අභියෝගයක් වු සේම මෙම තරගාවලියේදී ධනුෂ්ක ගුණතිලක තම කණ්ඩායමට විශාල අභියෝගයක් වූ බව පාකිස්තාන් පුහුණුකරු මිස්බා උල් හක් පවසයි. තරගාවලියේ ජයග‍්‍රහණය වෙනුවෙන් පාකිස්තානයට ඇති අභියෝගය සම්බන්ධයෙන් විමසන ලදුව ඔහු මෙසේ පැවසීය.
‘‘හැම තිස්සෙම අපි ශ‍්‍රී ලංකාවත් එක්ක ක‍්‍රීඩා කරන විට ඒ කාලයේ කුමාර් සංගක්කාර අභියෝගයක් වුණා. දැන් ඒ අභියෝගය අපිට ධනුෂ්ක ගුණතිලක විසින් කරනවා. ඒ වගේම ශ‍්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යැව්වා. ශ‍්‍රී ලංකාවට ලොකු තරුණ සංයුතියක් ඉන්නවා පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන්. ඒ අතරින් ගුණතිලකගේ පිති ප‍්‍රහාරය නම් විශේෂයි.’’ යනුවෙන් මිස්බා පවසයි.
පාකිස්තානය පළමු විස්සයි විස්ස තරගයේදී පරාජය කර දැමීමට වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් පන්දුව දඟ කැවූ ආකාරයද මිස්බාගේ ප‍්‍රශංසාවට ලක්ව තිබේ. විස්සයි විස්ස වැඩි අත්දැකීමක් නොමැති ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීම ඔවුන් දක්වන දක්ෂතා අනුව පහසු කටයුත්තක් නොවන බවද පාකිස්තාන් පුහුුණුකරුවා වැඩිදුරටත් පවසයි.
ශ‍්‍රී ලංකාව පළමු වරට පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයක් සොයා යමින් සිටින අතරතුර දෙවැනි විස්සයි විස්ස තරගයේ ජය පාකිස්තානයට තීරණාත්මක සාධකයක් වී තිබුණි. තරගාවලිය 1-1 ක් ලෙස සමකරමින් තෙවැනි තරගයට යෑමේ පීඩනය සහ අභියෝගය ඔවුන් සතු විය. කෙසේ වෙතත් මිස්බා පවසන්නේ විස්සයි විස්ස තරග ආකෘතියේදී පළමු පන්දුවාර හය තීරණාත්මක බවයි.

‘‘මුලින්ම පිතිකරණයේ යෙදුණත් පන්දු යැව්වත් පළමු පවර් ප්ලේ
අවස්ථාවේ තියෙන ඕවර හය ඉතාමත් වැදගත්. සාමාන්‍යයෙන් පවර් ප්ලේ අවස්ථාවේදී ක‍්‍රීඩා කරන ආකාරය අනුව 80%ක් තරගය ජය ගන්න
අවස්ථාව තියෙනවා. අපේ කණ්ඩායමට මම කියලා තියෙන්නෙ බැට් කරත් පන්දුවට පහර දුන්නත් පළමු පවර් ප්ලේ අවස්ථාව ඉතාමත් වැදගත් කියලයි.’’
මිස්බා උල් හක් පාකිස්තානයේ ප‍්‍රධාන පුහුණකරුවා මෙන්ම ක‍්‍රිකට් තෙරීම කමිටුවේද පූර්ණ බලධාරියා වෙයි. ශ‍්‍රී ලංකාවට එරෙහිව තරගාවලිය ඔහුගේ පළමු තරගාවලිය විය. එහිදී පාකිස්තාන් සංයුතියට කලකට පසු කැඳවු අහමඞ් ශේෂාඞ් සහ කමරන් අක්මාල් සම්බන්ධයෙන් පාකිස්තාන් මාධ්‍යවේදීන් ඔහුගෙන් හරස් ප‍්‍රශ්න විමසන ලදුව, ‘‘අහමඞ් ශේෂාඞ්ව කණ්ඩායමට ගෙනාවේ ඔහු පකිස්තාන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදී හොඳින් ක‍්‍රීඩා කළ නිසා. ඒ වගේම කමරන් අක්මාල් අත්දැකීම් තියෙන හොඳ ක‍්‍රීඩකයෙක්. ඔහුත් පසුගිය කාලයේ පී.සී.එල්. තරගාවලියේදී දක්ෂතා දැක්වූවා. මම හැම තිස්සෙම බලන්නෙ ලෝක කුසලානට ඉස්සෙල්ලා හැමෝටම අවස්ථාව දීලා හොඳම සංයුතිය තෝරා ගන්න. එතනදි සමහර අයව විවේක ගන්වනවා.’’ යනුවෙන් පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!