Gossip

ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු සහරාන්ගේ ඩී.එන්.ඒ. වාර්තාව හෙට අධිකරණයට

පසුගිය පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ මහමොළකරු වශයෙන් හඳුන්වන ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ ඩී.එන්.ඒ වාර්තාවක් ලබාගැනීම සඳහා ඔහුගේ බිරිඳ සහ දියණියගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙන බවට වාර්තා වනවා.

පසුගිය 09 වනදා සහරාන්ගේ ඩී.එන්.ඒ වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ දැනුම් දීම මත මෙලෙස රුධිර සාම්පල ලබාගෙන තිබුණා.

ඒ අනුව එම ඩී.එන්.ඒ වාර්තාව හෙට හෝ අනිද්දා දිනයේ සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන බවයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් පවසා ඇත්තේ.

කටුවාපිටිය දේවස්ථානයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු අච්චි මොහොම්මදු හස්තූන් බවට සනාථ වූයේ ද ඩී.එන්.ඒ වාර්තාවකින් අනතුරුවයි.

එමෙන්ම කොච්චිකඩේ – ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණ ඇත්තේ අලව්ඩීන් අහමඩ් මුවාත් නැමැත්තා බවටම ඩී.එන්.ඒ. පරීක්ෂණයේදී හෙළිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!