තරු හුට පට

ශෙරිල්ගේ මොට්ටුවට රෝහිතට හිත ගිහින්

ශෙරිල් පහුගිය 7 වෙනිදා ඩුබායි ගියානේ. එයා එයාගේ ඩුබායි සංචාරය ඉවරකරලා ගෙදර ඇවිත් තියෙන්නේ අද (12) උදේ. ඉතින් අපි ඒ ගැන විස්තර ටිකක් ගන්න ශෙරිල්ට කතා කරා.

ඒ වෙලාවේනම් ශෙරිල් හිටියේ කොත පුරෝලා බත් කන ගමන් කියලා තමයි එයා අපිට කිව්වේ. කොහොම හරි කමක් නෑ ඩුබායිවල සංගීත සංදර්ශනයක නර්ථන අංගවලට තමයි ශෙරිල් මේ විදිහට සහභාගී වූ‍ණේ. මේ සංචාරයට ශෙරිල් ව‍ගේම අමිලා නදීශානි, චාමික සිරිමාන්න, ජය ශ්‍රී වගේ කලාකරුවන් පිරිසකුත් එකතු වෙලා තියෙනවා. අමිලා කට ඇරන් නිදාගත්තු හැටි වගේම අනිත් අය හොඳ හැටි ගොරවපු හැටිත් අපිට ආරංචි වුණා වගේම සංචාරය හරිම විනෝදජනකයි කියලයි ආරංචි වුණේ. ශෙරිල්ලට මේ සංචාරයේ දී පොට්ට චාන්ස් එකකුත් පෑදිලා තිබුණා. ඒ තමයි ගුවන්යානය පොළොවට ළඟාවෙන විදිහ වගේම ගුවන් යානය පදවන විදිහ ගුවන් නියමුවන්ගේම කුටියේ ඉඳන් දැකගන්න ලැබීම. හැබැයි ගුවන්යානය පොළොවට ළඟා වෙද්දිනම් ශෙරිල් යාච්ඥා කර කර හිටියා කියලා තමයි ආරංචි වුණේනම්.

ශෙරිල් තියාගෙන හිටපු මොට්ටුවකට ජය ශ්‍රී සෙට් එකේ රෝහිතට හිත ගිහින් තිබුණා. ඒක ඉල්ලලා කෑ ගහපු රෝහිතත් අන්තිමට මොට්ටුවක් තියාගෙන තමයි ඉඳලා තියෙන්නේ.

ශෙරිල් ආයෙත් සංචාරයක යෙදෙන්න ඉන්නේ ලබන 27 වෙනිදාලු. හැබැයි ඒ ඩුබායිනම් නෙමෙයි. කුවේට්.

8 Comments

8 Comments

  1. Bhat

    March 29, 2013 at 5:47 pm

    That’s a creative asnewr to a difficult question

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!