Gossip

ශ්‍රී ලාංකිකයෙකු පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනය කිරීම ගැන එරට අගමැතිගෙන් ප්‍රකාශයක්

පාකිස්තානයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ප්‍රහාරයකට ලක්වී ඝාතනයවී ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ ශ්‍රී ලාංකිකයා පාකිස්තානයේ කර්මාන්තශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කළ අයෙක්.

පාකිස්තානයේ පන්ජාබ් හි සියල්කොට් නගරයේදී ඔහුට එම ප්‍රහාරය එල්ලවී තිබෙනවා.

ආගමික මතවාදයක් මුල්කරගෙන ගැටුම හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් උරණ වූ විශාල පිරිසක් ඔහුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර සිරුරට ගිනිතබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පන්ජාබ් පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ශ්‍රී ලාංකික පුද්ගලයෙකුට හිරිහැර කර ඝාතනය කිරීමෙන් අනතුරුව සිරුර පුළුස්සා ඇති බවට තමන්ට වාර්තා වූ බව මෙරට විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

ඉස්ලාමාබාද් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එම සිදුවීම පිළිබඳ තොරතුරු පාකිස්තාන බලධාරීන් සමග සොයාබලමින් සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉෂ්ඨ කිරීම පාකිස්තාන බලධාරීන් විසින් සිදුකරනු ඇතැයි තම අපේක්ෂාව බවද විදේශ අමාත්‍යාංශය පැවසුවා.

මේ අතර පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තානය රටක් ලෙස ලැජ්ජවට පත්වන බවයි.

මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කෙරෙහි තමන් දැඩි අවධානයෙන් බලා සිටින බවත් ඔහු පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නීතියෙන් දඬුවම් ලැබෙනු ඇති බවත් අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!