Gossip

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හදන්න කෝටියකට වඩා වටින අමුතු ගැජට් එකක් ගෙන්නයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත අතර මේ තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීම සදහා පරිඝනක මෘදුකාංගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිලදී ගෙන ඇති අතර එම මෘදුකාංගය ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු කණ්ඩායම භාවිතා කල මෘදුකාංගයක් බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් ආයතනය පවසන්නේ එය ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන පරදී වෙනස් කර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීමට බලාපොරාත්තු වන බවයි.

මේ මෘදුකාංගය සදහා රුපියල් මිලියන 11කට අධික මුදලක් වැය කර ඇති අතර වාර්ෂිකව නඩත්තු සදහා තවත් රුපියල් මිලියන 3කට අධික මුදලක් මේ සදහා වැය කිරීමට සිදුවනවා.

GPS උපකරණයක් සෑම ක්‍රීඩකයකුගේ ඇගේ සවිකර පුහුණු සැසියේදී සහ තරග පැවැත්වෙන අවස්ථාවේදී ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව පිලිබදව සියලු විස්තර මේ හරහා ලබාගැනීමට බලාපොරාත්තු වනවා.

එම උපකරණය මගින් ක්‍රීඩකයින් විඩාවට පත්වන ආකරය, හද ගැස්ම වැනි ශාරීරික යෝග්‍යතාවට අදාළ සියලු දත්ත ක්ෂණිකවම ලබාගැනීමට හැකිවනවා.

මෙම උපකරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යෝග්‍යතා පුහුණුකරු (Fitness trainer) නික් ලී, සඳුදා (මාර්තු 12) කොළඹදී විදේශ මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති හමුවකදී මාධ්‍ය වෙත දැනුවත් කර තිබුණා.

“දැන් බංගලාදේශය සමග තරගය ගත්තොත්, දුවපු ප්‍රමාණයේ ඉඳලා සෑහෙන තොරතුරු ගබඩා වෙනවා. ඒවා ක්ෂණිකව අපේ තිරය මත දිස්වෙනවා. එතකොට මට පුහුණුකරු සමග එක්ව ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් සැලසුම් කරන්න පුළුවන්”

මේ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බීබීසී සිංහල සේවය වෙත දැක්වුයේ මෙවන් දෙයක්…

“අපි ඒ උපකරණය පැළඳ ගෙන ක්‍රීඩා කරා. ඇත්තටම හොඳ දෙයක්. පන්දු රැකීමේදී තමයි ගොඩක් වැදගත්. පන්දුවට පහරදීමේදී සමහර ක්‍රීඩකයන් ඒක පළඳින්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ කැමතියි සුපුරුදු විදිහට ක්‍රීඩාකරන්න. මානසික දෙයක් ඒක”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!